Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජය බිමක්‌ කියන්නේ
කතිර ගොඩකට නොවේ
වැරැද්දක්‌ කියන්නේ
වැරදි යමකට නොවේ
දඬුවමක්‌ කියන්නේ
එහෙම දේකට නොවේ
තුන් වසක්‌ කියන්නේ
වසර තුනකට නොවේ

මුලු ලොවම නිදහසක
එකම එක යුධ අණක්‌
අඳුරු සිරගෙයක්‌ තුල
සොඳුරු වූ සටනකය

දේශපාළනය නම් වස බිමක විස වුවද
ලක්‌මවට නම් නුඹත්
බරක්‌ නැති තව එකම එක පුතෙකි
ඉතිරි වූ කිරි බිඳක්‌ දරාගෙන
එකම නැළවිලි ගීය
මැකී යන්නට නොදී
වසර දහසක්‌ වුවද
ඇය පොළෝ උකුල පා ඉන්නවා

මිනිස්‌ තනුවකින් යුත්
නිදහසේ සැබෑ ජාතික ගීය
සෑම මුවගක ගැයෙන තුරාවට
ගැහෙන පපුවෙන් බලා ඉන්නවා

සිර කුටිය ඉතා පොඩි විය හැකිය
පුදුම වන්නේ කිමැයි
හදවතද ඉතා පොඩි වූ එකකි
ජීවිතය කියන්නේ
ලෝකයේ පළමුවන වැරැද්දයි

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails