Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අත් වැඩ ඉරටු කූරු
රතුව සව් කඩදාසි
උණු ලේ ගලා හැලුන
කාපට් පාර අසල
මවකගේ විලාපය ඇසුණා
අම්මේ කියා ඇරුණු
පුංචි හොට වැහෙන්නට
උණුහුමක් ඇඟේ නොම තිබුණා

ළපටි හිරු රැස් ගලන අලුයමේ
අකුරු ඇහිඳින්න ආ
පුංචි පැණි කුරුල්ලා
තටු සිඳී කහ ඉරේ වැටුණා
තුඩ සිඳී පැන්සලක
ඉරි තලා ගිය බඳින්
මිනිරන් කඳුළු ගලා හැළුණා

සද්දන්ත ඇත් කුලේ
වියරු ලේලන්ඩ් ගිජිඳු
පැට්‍රෝල් මිශ්‍ර ඩීසල් දවා
පොලීසියටම ඉගිල තිබුණා
පියාපත් රෝදයෙත් තිබුණා

බාල රුපියල් වලට
ගිනි පිඹින පිට කසන
කාකි අත්ලටත් ලේ වැටුණා
කිලිපොලන වේගයට
පැළඳ රන් පදක්කම
ඉදෙන මල බතට පෙර
ඇත් ගොවු තෙමේ හිරෙන් බැස්සා
අලුත් දඩයමට දින ගැන්නා

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails