Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එපිඩෝරස් රංගයෙහි රඟනා
ග්‍රීක ට්‍රැජඩියක් ද
නැතිනම් කොමඩියක් ද
මේ අරුම ජීවිතය උරුමා

දියොනීසියස් දෙවි
පුදසුනෙහි තබනා
මදුපාන සැණකෙළි
සුරා ජන නටනා

දෙවිඳුන්ගෙ ශාපයෙන්
ජීවිතය හා කරන සටනා
ඊස්කිලස් සොෆොක්ලීස්
යුරිපිඩිස් රංගයට ගෙනෙනා

හඬා වැටෙනා දුක් කඳුළු වැසි වගුරා
බොහෝ දෑ දනන්ගේ දැන නොදැන උදුරා
සටන් කෙරුවත් වරින් වර එරෙහි විරුවා
ජීවිතය ට්‍රැජඩියක් උනේ ඇයි සමරා

දුකින් දුක නසන්නට
සසරින් එතර වන්නට
කතරක් අතර උගුලට
කොමඩියක් උනේ දිවියට

නූතන ඇරිස්ටොපානිස්ලා
ට්‍රැජඩිය කොමඩි කරලා
පැමිණ රඟ බිම අල්ලා
කෙලින සෙල්ලං අම්මපල්ලා

සීරියස් උනත් ජීවිත
මීඩියාවලින් පීඩිත
බිඳ දමා කැඩපත
හඬක් නැති ගැති සිත

පෙන්වා සොඳුරු නිම්තෙර
නංවා බිඳුණු ඔරුවට
ගිල්වා සිහින පිරි ගත
දල්වා අඳුර හැම විට

ට්‍රැජඩියක් උනත් ජීවිත
සඟවා තබා සිරකර
මේ රඟන රංගය
කෙදිනක වෙයි ද අහවර

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails