
තබා ෆැක්ටේරියෙ පියස්සට
චන්ද්ර බිම්බය දිලිහෙනා
කෝල සපුමල් කන්ද හිනැහුන
රාත්රිය මට සිහි වෙනා
නළල් තිලකයෙ රත සොරා ගෙන
පපුතුරේ සෙනෙහස ලියා
යන්න පෙර වතුකරෙන් ඉගිලී
කඳුළු පිරි නෙත් දිලිහුණා
පැළඳ මල් පල රුව සුවඳ විඳ
සිනා සෙන්නට ඉඩ නැතී
පීඩිතම තේ පඳුරු යායක
තේ මලක් නුඹ රාජිනී
සිතින් බැණ වැද පිච්ච සුවඳට
නුඹෙ සුවඳ ගන්නට පෙරා
වෙහෙස වුණු මේ නාස් පුඩු වල
වෙන සුවඳ නෑ දැවටිලා
සැඳෑ හිරු රැස් පෑ උරන
කනකාම්බරම් පොකුරක සිරී
නුඹේ හිස පළඳනා දින
දුර ඇත නෑ මගෙ රාජිනී..
චිරන්ත ජයසේන



