
එක පාරක් වයින් කළොත්
බල්ටි හතක් ගහල මිසක්
නතර නොවෙයි
වඳුරු රාළ
මෙහෙම ඇදල ඇත ඇරියම
අත්තටු දෙක දිග ඇරගෙන
පාවෙයි මේ සමනළයා
හමන අතට හුළං පාර
රේස් කරල බිම තියන්න
බොරුනම් ආ දැන් බලන්න
ඕන්න යනවා බස් එක
හරි හයියයි මේකෙ රෝද
සෙල්ලම් බඩු විකිණුවාට
ඇත්ත පොඩි එවුන් දෙන්නෙක්
අපේ දිහා ඉන්නව මට
තවනම් බෑ අඩු කරන්න
රුවන් බන්දුජීව



