Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අජිත්- මේක මහා පුදුම කරුමයක් නෙ. තමන්ගෙ හෘද සාක්‍ෂියට එකඟව ජීවත් වෙන්න හිතන එක මහ බරපතල අපරාධයක් කරන්න හදනවා වගේනෙ හැම එකාම කතා කරන්නෙ. හැම එකාම නොකියා කියන්නෙ, අවස්ථාවාදය පුරුදු වෙයන් කියලා. මං රස්සාවෙන් අස්වෙලා පොතක් ලියනවා. ඇත්තමයි.

සුමුදු- ඔයාට ඕන දෙයක් ඔයා කරගන්න.

අජිත්- ඒ කියන්නෙ මට මොකක් වුණත් ඔයාට කමක් නැද්ද? මෙහේ එන්න, මං ලියන පොතේ විස්තරේ කියන්න. පොත පටන් ගන්නෙ අවුරුදු විස්සකට විතර කලින් ආණ්ඩුවට විරුද්ධව සටන් කරලා රාජ්‍ය ද්‍රෝහී ත‍්‍රස්තවාදී ලයිස්තු වල හිටපු එකෙක්. අවුරුදු විස්සකට පස්සෙ ඌ තමයි ආණුඩුව කියලා හිතා ගෙන ආණ්ඩුවට විරුද්ධ එවුන් දේශද්‍රෝහීන් විදියට නම් කරන ලැයිස්තුවක් හදන තැනින්. හොඳයි ද? ඒ විතරක් නෙමෙයි. අපි දෙන්නා ගැනත් මං ලියන්නයි හිතාගෙන ඉන්නෙ. අපි දෙන්නා පෙම් කරපු කාලේ ගැන. එක එක ප‍්‍රශ්න ඔළුවෙ පුරෝගන්නෙ නැතුව ආදරය විතරක් හිතේ පුරෝගෙන ඉන්න තියනවා නම් ඉස්සර වගේ. ඉස්සර ඇත්තටම අපි කොච්චර ආදරේද? අපේ ආදරේ හිරු හමුවේ නැති වී ගිය පිනි බිංදුවක් වගේ කියලා හිතෙන් නැද්ද? හැබැයි නැතී වෙලා ගිය පිනි බිංදුව මහා වැස්සක් වෙලා වහින්න ගන්න දවසට ළමයි ඇහැරුණොත් තමයි වැඩේ.

****

උපාලි- මගේ නම කිව්වට ඔය මහත්තයා මාව අඳුරන් නැහැ. මං කැමතියි අජිත් මහත්තයාගේ විස්තර ටිකක් දැනගන්න. ඔය මහත්තයා විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ ශිෂ්‍ය සංගම් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළේ නැති වුණාට, විශ්ව විද්‍යාලෙන් පස්සෙ වාමාංශික පක්‍ෂ වල සමහර නායකයො එක්ක කිට්ටුවෙන් ආශ‍්‍රය කළේ විප්ලවයට අලුතින් පණක් දෙන්නද, නැත්නං වෙන අදහසක් තිබුණද?

අජිත්- ඔයා කවුද?

උපාලි- මං ඔබතුමාගේ යාළුවෙක් කියලා හිතාගෙන මං අහන දේට උත්තර දෙන්න. ඔබතුමා රට ගිහින් ආවට පස්සෙ රාජ්‍ය නොවන සංවිධාන වල ඉන්න අයත් එක්ක සම්බන්ධකම් පවත්වන්නෙ මානව හිමිකම් අපේ රටේ කඩවෙනවා කියලා ඔබතුමා හිතන නිසාද, නැත්නං වෙන අරමුණක් තියෙනවද?

අජිත් සහ සුමුදු මූණට මූණ බලා ගනිති.

උපාලි- මට උත්තර දෙන්න අකමැතියි වගේ. අඩුගාණේ මට කියන්න, ගිය සතියෙ ගුරු සංගම් ශාලාවේ වැඩ වර්ජකයො පවත්වපු රැස්වීමට සහභාගී වුණේ ඒ අයට උපදෙස් දෙන්නද, නැත්නං ඒ අයගෙන් උපදෙස් ගන්නද?

අජිත්- කරුණාකරලා ඔයා කවුද කියලා කියන්න.

****

උපාලි- මං කියන්ඩ ද? මහත්තයා කවුරු මොනවා කිව්වත්, මහත්තයට හරි කියලා හිතන විදිහක් තියෙනවනේ. ඒ විදිහට වැඩ කරගෙන යන්න. වැඩිම වුණොත් ඕන්නම් මරයි. හැබැයි අතක් පයක් කඩලා හරි, මොනා හරි කපලා දැම්මොත් තමයි ප‍්‍රශ්නෙ. වැඩේ කියන්නෙ එහෙම කළාම කවුද කළේ කියලාවත් හොයාගන්න බැරිවෙන එකයි.

අජිත්- (තරමක් වේගයෙන්) කරුණාකරලා කියන්න, කවුද ඔයාව මෙහේට එව්වෙ?

["ආපහු හැරෙන්න බෑ" වේදිකා නාට්‍යයෙනි.]

රාජිත දිසානයක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails