Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මංජුල වෙඩිවර්ධනගේ පස්වැනි කාව්‍ය සංග්‍රහය ඇහැල ඇමතුමකට ඇහැරෙමි මැයෙන් ද අභිනව කෙටිකතා සංග්‍රහය ශුද්ධවූ ජුදාස් මැයෙන් ද සහෘද පාඨක පර්ෂද් වෙත නිකුත් කරනු ලැබ ඇත.

ෂේන් මැකෙල්වි සමඟින් 1997දී නිරුත්තර සමාධිය පළ කළ මංජුල විසින් අනතුරුව පිළිහුඩුවී, මධු සඳිනි මධු විත සහ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි ප්‍රකාශයට පත් කරනු ලැබීය.

වසර 2000 දී පළ කිරීමට නියමිතව තිබූ ඔහුගේ මේරි නම් වූ මරියා කෙටිකතා සංග්‍රහය, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් එවක සංස්කෘතික ඇමතිවරයා වූ ලක්ෂ්මන් ජයකොඩි මඟින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැණුනේ කතුවරයා ද සමඟිනි. අනතුරුව එම නොපළ කෘතිය ස්ථීර වාරණයකට ලක් විය.

කාව්‍ය නිර්මාණ 50කින් සමන්විත 'ඇහැල ඇමතුමකට ඇහැරෙමි', සුරස ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති අතර එහි කංචුක නිර්මාණය රවීන්ද්‍ර තේනුවරගේ ය. ප්‍රසාද් සමරසේකරගේ කංචුකයකින් සමන්විත ශුද්ධ වූ ජුදාස් සූරිය ප්‍රකාශනයකි.

කවර බලන්න මෙතනින් යන්න.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails