
නෙක පැතුම් හිත පුරා
කෝල බැලුමින් මඟුල් යහනත
දුහුල් ඇඳුමින් සැදී පැහැදී
කිම්ද විමසුම් බැලුම්
දනිමි මම් සොඳුරියේ
"ප්රියාදරය කිම පමා මා වැළඳ ගන්නට?"
වීනස් රුව විලසට
මා දෑස ළඟ නිරාවරණිත
උකුල, ළැම හස, සුමුදු දඟ යුග
ජීවිතේ අනියත අපුල මිස
කෙළෙස නම් හිත උපදවන්නද..?
වසර ගණනක් කපා සුණු කළ
කිරිගරුඬ හීතල සිරුරු ළඟ
නුරා සිතුවිලි අකම්පාලව
හැර ගියා බුදු බණ සපථ කොට...
පැල් බැඳන් උන් සහස් බැමි බිඳ
රාග සිත මා සතපවන්නට
ලැබුණු'මුත් මට සියළු අවසර
ක්ෂේම භූමිය නම් නොවේ එය
කෙසේ වටහා දෙමිද මම
සොඳුර නුඹ දෙනෙත් ළඟ
රමණයට ඇරයුම් කරන
[අක්ෂර සෙනග - 2008]
දිලිනි නිලංගා විලත්ගමුව
KAVI BOONDIYA | මිනී කපන්නාගේ (අ)සම්පූර්ණ මධු සමය - [දිලිනි නිලංගා විලත්ගමුව]
Posted by
BoondiOnLine
2.11.2012



