Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



....12 වෙනිදා පුරුදු පරිදි නිවසේ සිටියා. දවල් කෑම සඳහා මා ලෑස්ති වුණා. රෝහණ කෑම ගෙන ඉරිදා පත්තර බැලීම සඳහා ආලින්දයට ගියා. මම කෑම කන විට මම දැක්කා සිවිල් ඇඳුමින් සැරසුණු කිහිප දෙනෙක් ගේ තුළට ආවා. සුදු මාමා සොයා ගෙන පියදාසගේ කාර් එකෙන් ආ බව නංගිලා කීවා. රෝහණ ගෙන යාමට හදන විට ළමයි ඇඬුවා. එවිට ඔහු "මම යන්නේ නියං මාමා නොහොත් හේරත් සහ සුදු මාමා නොහොත් පියදාස" සමග කීවා. එයින් මම හිතුවා මේ දෙන්නා පැමිණ ඇති බව. මම දුටුවා රෝහණ කාර් එකේ පිටුපස මැදින් වාඩි කරවා නිලධාරීන් දෙදෙනෙක් දෙපස වාඩි වුණා. රෝහණ අල්ලා ගත් පසු ඔහු කීවා අපි අහිංසකයි. ඕන දෙයක් මගෙන් අහන්න කියලා. ඒ අවස්ථාවේ රෝහණ ඇඳ සිටියේ සරමක්. පසුව කලිසමක් සහ කමිසයක් ඇඳ ගත්තා. අපි ඇහුවා ඒ ආපු අය කවුද කියා. එවිට ඔහු කීවා ආමි එකෙන් කියලා. මේ වන විට නංගිලා දෙන්නා සහ රෝහණගේ නංගී සිටියා. ගෙදර ඇතුළත එක් නිලධාරියෙක් පරීක්ෂා කළා. රෝහණ කීවා නිවස පරීක්ෂා කරන්න කියා හමුදා නිලධාරීන්ට කීවා. මේ සිද්ධිය ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ. පොලිසියටවත් දන්වන්නේ නැහැ. උඹට කරදරයක් නැතිව මෙහි ඉන්න පුළුවන් කියා. එහි පැමිණි නිලධාරියෙක් ඉතා සුහදව කථා කළා. රෝහණට පහර දුන්නේ හෝ නරක ලෙසට කථා කළේ ද නැත. අපට ද හොඳින් සුහදව කථා කළා......

....1987 අත්සන් කරන ලද සාම ගිවිසුම ගැන මම පත්තරවලින් දැන ගත්තා. රෝහණ මේ සම්බන්ධව මට කිසිවක් කියා නැත. පසුගිය කාලය තුල ලංකාව තුළ නොයෙක් මිනීමැරුම් සහ ගිනිතැබීම් සිදු වූ බවට පත්තරවලින් දැක තිබුණා. මේවා ජනතා විමුක්ති පෙරමුණෙන් කරන ලද බවටත් ඒ ගැන පරීක්ෂණ කටයුතු කරන බවත් පත්තර වල තිබුණා. ඒ ගැන කරුණු කිසිවක් පවසා නැත. රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බව දනිමි. ගමනායක පක්ෂයේ දෙවැන්නා බව මම දනිමි. ජවිපෙ දේශපාලන බල මණ්ඩලයේ සිටින අය කවුද කියා මම නොදනිමි. ජවිපෙ සාමාන්‍යයෙන් මංකොල්ලකෑම් යනාදියට සම්බන්ධ වෙනවාදැයි මම නොදනිමි. රෝහණ විජේවීර සෑම විටකම කටයුතු කළේ සිය පවුල සහ දේශපාලනය කොටස් දෙකක් ලෙස වෙන් කර තැබීමෙනුයි. සාමාජිකයන් ඔහු හමුවීමට පැමිණෙන විට මට කියා තිබෙන්නේ කාමරය තුළ සිටීමටයි. සමහරවිට පක්ෂ සාමාජිකයන් රාත්‍රියේ නිවසේ සිටින විට මගේ කෑම පවා මම කාමරය තුළට ගෙන්වා ගන්නවා....

[රෝහණ විජේවීරගේ බිරිඳ ශ්‍රීමතී චිත්‍රාංගනී ප්‍රනාන්දු හමුදා අත් අඩංගුවේ සිටියදී දුන් කට උත්තරයෙන්- 1989 නොවැම්බර්]

-උපුටනය- විජේවීරගේ බිරිඳ කියන කතාව- 2010 (රාවය ප්‍රකාශනයකි)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails