Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


අජිත් කුමාරසිරි- නෝ මෝර් මාර්ක්ස්| මාර්තු 31 සවස 07:00ට...

අජිත් කුමාරසිරිගෙ අලූත් මියුසික් වැඩේ "නෝ මෝර් මාර්ක්ස්". ඒක 'මරණය' සහ 'රමණය' අතර වෙනස ගැන කතාවක්. ආයිමත් අජිත්ගෙ ඒ රළු පිරිමි හඬ ලයිව් අහන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්. ගොඩක් අය අජිත් ගැන දැන ගත්තෙ අලිමංකඩ ෆිල්ම් එකේ සිංදුවත් එක්ක.

"පෙරුම් පිරුවෙ මම සමනළයෙක් වෙන්න.... සිද්ද වුණේ මට යුද සෙබළෙක් වෙන්න..."

මං දවසක් හවසක අජිත් එක්ක චැට් එකක් දැම්මා. ඉන්ටවිව් එකක් සහ චැට් එකක් අතර ලොකු වෙනසක් තියෙනවා.

අජිත් + රොක් = රොක් අජිත් ?

ඔය නම මං දාගත්ත එකක් නෙමෙයි. රොක් කියන එක ලංකාවට එන්නෙම එක්තරා සීමාවක් ඇතුලෙ. මං ඒ සීමාව ඇතුලෙ නෑ. ඕක වෙන්නෙ මං 2006 ගහපු රොක් අයිඑස්ඕ කියන ප‍්‍රසංගයක් හින්ද.

ඒ කාලෙ හැම ඇඩ් එකකම හරි ලොකු දෙයක් වගේ දානවා 'අයිඑස්ඕ' කියල. අයිඑස්ඕ කියන එකේ ඇත්ත තේරුම ජාත්‍යන්තර ප‍්‍රමිතියක් ගැන කතාවක් වුණාට මෙහේ උන් ගේන්නෙ ඒක නෙමෙයි. අයිසොලේෂන් (තනිකම) කියන එක. ඉතිං මං මේ කෑල්ල ගත්තා. 'රොක් ඉන් අයිසොලේෂන්' කියල. රොක් අයිඑස්ඕ.

ඒ කාලෙ හැම තැනම ගහලා තියෙනවා 'එස්.එල්. ආර්මි' කියලා. මං කොහොමත් ආස නෑ ඔය යුනිෆෝම්කාරයන්ට. ඉතිං මං බෑන්ඩ් එකට නම දැම්මා 'එස්. එල් රොක්' කියලා. මේක කොට කරලා කිව්වොත් 'එස්. එල්. ආර්'.

මේක සංවිධානය කරපු වාමාංශික කට්ටියක් හිටියා. ඒ ගොල්ලො මං 'එස්. එල්' කියලා ගත්ත පළල් තේරුම 'සිංහල' තැනකට ගත්තා. 'සිංහල රොක්' කියලා පෝස්ටර් ගැහුවා. මට හිතාගන්න බෑ යුද්දෙට විරුද්ධව ඒ වෙලාවෙ කතා කරපු ඒ කණ්ඩායම අතින් කොහොම 'සිංහල රොක්' කියලා ලියවුණාද කියල. ඔය වැඩෙන් තමයි 'රොක් අජිත්' කියන නම පැටළුණේ.




ඩිස්ටෝර්ෂන්

ඒ රොක් අයිඑස් ඕ එකේදි මං ඩිස්ටොර්ෂන් වලින් පොඩි අත්හදාබැලීම් වගයක් කළා. ඊට කලින් මැයි දිනේකදි කම්කරුවන්ටත් මං මේක කළා. තුන්වෙනි ලෝකෙ රටක් මේක කියන මගේ සිංදුව මං ඩිස්ටෝර්ෂන් දාලා රොක් කරලා කම්කරු ජනතාවට ගැහුවා. ඒ කාලෙ ස්ටිග්මාටා වගේ බෑන්ඩ් මෙහේ රොක් මියුසික් කළාට ඒවා තිබුණෙ වෙන තැනක. මං ගම් වලට ගියා. ගිහින් ඩිස්ටෝරෂන් පාවිච්චි කරලා ඒ මිනිස්සුන්ට අහන් ඉන්න දේවල් කළා. ඒ ගොල්ලො කිව්වා 'හරි ෂෝක්' කියල. ඒත් මං ඔය රොක් කියන ෂොනර් එකට සීමා වෙලා නෑ.

ලෝකෙ රොක් කියන එක ගත්තම ඒකෙ පොලිටිකල් අයිඩියා එකක් තියෙනවා. නැත්තං තනි පුද්ගල සමාජ කැරැල්ලක්, ප‍්‍රකාශනයක් විදිහට එහේ රොක් වැඩ කරනවා. ඇයි ලංකාවෙ ඉංග‍්‍රීසියෙන් රොක් කරන අය පවා මේ ඩෙප්ත් එක (ගැඹුර) ස්පර්ශ නොකරන්නෙ?

ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ මයින්ඩ් ග‍්‍රීන් මැෂින් කියලා බෑන්ඩ් එකකට බෙස්ට් රොක් බෑන්ඩ් අවෝර්ඩ් එකක් දුන්නා. මේක චැනල් එකක ගියා. මේ ගොල්ලො මේ අවෝර්ඩ් එක අරගෙන එන්ඩ් කළේ කොහොමද දන්නවද? බොක්ස් ගිටාර් ටිකක් අරගෙන සුරංගනීට මාළු ගෙනාවා කියන්න පටන් ගත්ත. අර බීලා කුණු වෙලා මිනිස්සු කියන බයිලා එක කිව්වා මේ මයින්ඩ් ග‍්‍රීන් මැෂින් ලා.

ඒක තමයි හොඳම උදාහරණය. මං කියන්නෙ යම් ටෝන් එකක් නැත්තං එක්ස්ප්‍රෙෂන් එකක් තෝර ගැනීම ෆැෂනබල් නෙමෙයි විෂනබල් වෙන්න ඕන.

රොක් පෙම්වතිය අහිමි වීම

අපි දකිනවා හුඟක් රළු සල්ලිකාර පිරිමි එක්ක සුන්දර ලස්සන ගෑණු ඉන්නවා. ඒ ගෑණු කොහොම මේ මිනිහට ආදරේ කරනවද කියලා පුදුම හිතෙනවා. ඒත් පස්සෙ අපිට තේරෙනවා මේ ගෑණුන්ගෙ ආශාව ඒ පිරිමියා නෙමෙයි. ඒ පිරිමියාගෙ සල්ලි වලින් ගන්න පුළුවන් සුඛෝපභෝගී දේවල්. පිරිමියාගෙන් ඒ ගොල්ලොන්ට ඇති වැඩක් නෑ. ළඟට දැක්කට පස්සෙ මට ඒ ගෑණු ගැන තිබ්බ මගේ විෂන් එක වෙනස් කර ගන්න වුණා. රොක් ගැනත් මට කියන්න තියෙන්නෙ ඒක.

ලංකාවෙ මියුසික්?

එහෙම බලන්න ලංකාවෙ කියලා දෙයක් මට පේන්නෙ නෑ. ලංකාවෙ කියලා දෙයක් කවුද ගන්නෙ? ගමේ ඉන්න මිනිස්සු වුණත් ගන්නෙ ලංකාවෙන් පිට දේවල්. හින්දි දෙමළ සිංදු අහන්නෙ. අපි ලංකාවෙ මියුසික් කියලා කරන්නෙ ඇඩප්ටේෂන්. ඉන්දියාවෙ හරි යුරෝපෙ (යුරෝපෙ කිව්වට අපිට එන්නෙ ඇමරිකාවෙ දේවල් ටිකක් විතරයි) හරි දේවල් පොඞ්ඩක් එහාට මෙහාට කරලා ලංකාවෙ කියලා එලියට දානවා. අමරදේව පවා කළේ මේක තමයි. ආර්ටිස්ට් කෙනෙක් විදිහට ජාත්‍යන්තර මට්ටමෙන් හිතන අය අපිට නෑ. විෂන් එකක් නැති පොඩි මිනිස්සු ටිකක් අපිට ඉන්නෙ.




ශ‍්‍රී ලාංකේය

ලංකාවෙ කිව්වම මට එන්නෙ හරි ප‍්‍රාථමික හැඟීමක්. මං ඒක මෙහෙම කියන්නම්. පොඩි කාලෙ මං ගිය ඉස්කෝලෙ නිදහස් දවසක උත්සවයක් තිබුණා. පිට්ටනිය මැද්දෙ ජාතික කොඩි උස්සලා කිරිබත් කන්න දුන්නා. මටත් බඩගිනි නිසා පිට්ටනිය දිගේ ඇවිදගෙන ගියා කොඩිය යටට කිරිබත් කන්න. එතකොට ඔක්කොම කාලා. මට එක කිරිබත් කෑල්ලක් වත් හම්බුණේ නෑ. දැන් ආපහු ඇවිදන් යන්න ඕනි පිට්ටනිය කෙළවරට. කට්ටිය බලාගෙන ඉන්නවා. මං කරපු දේ මාත් කිරිබත් කෑවා වගේ කට හොල්ල හොල්ල ඇවිදගෙන ආවා. ඔන්න ඕක තමයි මට ශ‍්‍රී ලාංකික කිව්වම මතක් වෙන්නෙ. ලෝකෙ අපිව ගණං ගන්නෙවත් නෑනෙ. ඉතින් අපි කට හොල්ල හොල්ල එනවා.

වමට බර ආර්ට්?

හරි බාල දෙයක් නෙ ඔය ජනතාවාදෙ කියන්නෙ. කිසි ආදරයක් නැති තෙතමනයක් නැති දේශපාලනයක් ඒක. එකඟතාවයක් වත් වර්ධනයක්වත් මොකක්වත් නෑ. ඒක තමයි ලංකාවෙ වම. සිවිලයිස් වෙලා නෑ. උදා විදිහට අපි අවුරුදු පහකට හෝ හතකට හෝ ඡන්දයක් දෙනවනෙ කට්ටියකට. රැවටිලාද නැද්ද කියන කතා අපි දන්නෙ නෑ. ඔන්න රට පෙරට යන මැද්දෙදි ප‍්‍රශ්න ඇතිවෙනවා. ඉතිං ලොකු ලොකු ප්‍රොටෙස්ට් වලට යනවා. ගල් ගහනවා. මරනවා. අද ගල් ගහන උන් ඊළඟට තුවක්කු ගන්නවා. ඊට පස්සෙ අනිත් උන් උන්ට ගල් ගහනවා. හරි ළමා කාලෙ සෙල්ලමක් මේ වාමාංශෙ තියෙන්නෙ. ඔට්ටු සෙල්ලමක් වගේ.

ඉතින් මගේ සිංදු වාමාංශිකයි කියල කියනවා නම් ඒකත් අර ඔට්ටු සෙල්ලමේම කොටසක්. මං තුන්වෙනි ලෝකෙ රටක් මේක කියලා කියන්නෙ 'ලව්' එකෙන් මිසක් වාමාංශික අදහසකින් නෙමෙයි. මං විශ්වාස කරන්නෙ පූර්ණ ලිංගික නිදහසක්, ආදරයක්. ජනතාවාදයක් නෙමෙයි. ජනතාවාදය කියන්නෙ වාරණයක්.




සෙක්ස් ඇන්ඩ් පොලිටික්ස්

අපේ සෙක්ස් තියෙන්නෙ ගෙවල් ඇතුලෙනේ. මං කියන්නෙ ගෙවල් වලින් එලියට අරගෙන එන්න කියලා. නිකං ගෙදරට සෙක්ස් එලියට පොලිටික්ස් වගේ නැතුව මේ දෙක එකට කතා කරමු කියලා. එක්කෙනෙක් කියලා තිබුණ මගේ සිංදු වල කිසි බලාපොරොත්තුවක් නෑ කියලා. ඕවා මගේ වැඩ නෙමෙයිනේ. මට ඕන නෑ කාටවත් ඕන දේවල් කියන්න. මට ඕන මගේ දේවල් කියන්න.

සෙක්ස් ගැන උඹේ අදහස?








(ඒකට උත්තරේ සුදු ඉඩක්. මට ඒක සුදුයි. මොකුත් ඒකෙ ලියලා නෑ.)

මියුසික් සහ මිනිස්සු

මං දැක්කා මේ ළඟදි පරණ ආර්ටිස්ට් කෙනෙක් එයාගෙ නෙළුම් පොකුණෙ ෂෝ එකට එන්න කියලා කතා කරනවා. ඒකෙ අන්තිමට එයා කියනවා 'දැන් පරම්පරාව ඉතිං අපේ සිංදු අහන්නෙ නෑනෙ.. ඒකට කමක් නෑ ඉතිං' කියලා. ඇයි මචං මිනිස්සු ඒ තරං දුකට පත්වෙන්නෙ? අපි ෂෙයාර් කරමු. සීඞී එකක් ගහලා අපි අතරෙ බෙදා ගමු.

අනික මේ මහජනතාව කියන්නෙ මගේ සිංදු අහන්න තරං ඔලූව මෝරපු කට්ටියක් නෙමෙයි. මේ පිරිස ළගට මට යන්න පුළුවන්ද? මං මොකටද යන්නෙ? ලංකාවෙන් තුන්කාලක් විතර බොන්නෙ කසිප්පු. මේ ජනතාව හොයාගෙන මං යන්න ඕනද?

කාටද?

මාව කවුරු අහනවද කියලා මං දන්නෙ නෑ. මට ෂුවරුත් නෑ මාව කොයි විදිහෙන් ඒ අය අහනවද කියල. කොම්පොසිෂන් එකෙන් පිට මට කිසිම ෂුවර් එකක් නෑ කිසිම තත්වයක් ගැන. අහවලාට මේක කරනවා, අහවලා අහනවා වගේ එකක් මට නෑ. කොම්පොසිෂන් එක ඇතුලෙ මට අදහසක් තියෙනවා. ඒක ඇතුලෙ මාව අහන කෙනෙක් මට ඉන්නවා. ඒත් ඒ කොම්පොසිෂන් එක ඇතුලෙ විතරයි. පිට නෑ.

නෝ මෝර් මාර්ක්ස්?

මේ කොන්සර්ට් එක සාමූහික වැඩක්. ඒත් මේ කොන්සර්ට් එක ඇතුලෙ තියෙන ආර්ට් එක මගේ. ඒක සාමූහික නෑ. ආර්ට් සාමූහිකයි කියලා මං හිතන්නෙ නෑ.

මේ නම කෙලින්ම පොලිටිකල් චරිතයක් ගැන කියනවා?

ඔව්. අනිවාර්යෙන් කාල් මාර්ක්ස් එදාට මේ කොන්සර්ට් එකට එනවා.

අජිත් එක්ක කතා කළේ- චින්තන ධර්මදාස
- CULT

අජිත් ගේ සේයාරූ- ජයන්ත් ධර්මවර්ධන

චින්තන ධර්මදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails