Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සැලසුමේ තිබුණාට නිදන කාමරෙ කියා
වේලාසන දොර වැසුවාට නිදාගන්නට කියා
විසිවසරක් පුරා තවම මම ඇහැරිලා
හිතා ගන්නට බෑ ඔබ නිදා ගත්තා කියා

රෝස පෑ රෑ ඇඳුමෙ තාන් දුහුල පටල ගමි
නිතිනි ඔබ පිරිමැද්ද කෙස් වැටිය මුදා ලමි
දුරාතීතයේ ඔබට දුන් සුවඳව ගල්වා ගනිමි
ජනෙල් කවුළුවෙන් පියඹා නිම් නැතිව තටු සලමි

මතක නම් ඔබට එනුවර ඒ මල් උයන
සුවහසක් මල් පිපුණ ඒ මිහිරි උදෑසන
මල් පෙත්තක් කියා සිපගත් මා දෙතොල
පාට කළ පාට ඇත තවම නැත අහවරව

පසළොස්වක සඳ අඬගසයි පන්සලට
ඔබ නමින් දැවෙන හද පන්සලක් නිවාවිද
මගුල් සාරිය ඇඳන් මල් පොකුරක් අරන්
භාවනා කරමි මම සිරි යහන මත ඉඳන්

මල් ගවුම පැළඳගෙන ළඟ අඩි තබා යමි
රොන් සොයා ඉගිලෙන ඇන්ජිගෙ ගී ගයමි
ඇත්තමයි ඔබ ළඟින් හිටිය නම්
විශාකාවක් වගේ බිම බලන් ඇවිද යමි

ගොඩක් අය ටිකක් පිස්සු යැයි කියන මම
දන්නවද හදිස්සියෙ ඔබට අමතන කරුණ
තවත් බෑ උහුලන්න ප්‍රේමයක විසල් බර
දොර කවුළු වසමි අද යළි දිනක නාරින්න

රෝහණ පොතුලියැද්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails