Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අම්මාය ඈ හිතින් මෙරක් බර දරන්නී
ලොවට රහසින් රැයේ සුසුම් වැල් මුදන්නී
රිදෙන බව දැන දැනම කටු ද පිරිමදින්නී
කටු පොකුරු අග පිපිණු සුවඳ මල් නෙළන්නී

සුළි නැගෙන සාගරේ සවිය ඈ අත්වැලයි
කඳු කඩා හැලෙන විට මහපොළොව ඈ සමයි
මඬ කඩිති මඟ අරින පෙර ගමන්කරු ඇයයි
සුළි නැගෙන සාගරේ සවිය ඈ අත්වැලයි

කම්හලේ වැඩ පොලේ වැඩ වලට ඈ සමයි
ලැබෙන විට නම් යමක් පියවරක් පස්සෙනුයි
අතවරය හැම තැනම උරුමයක් සේ දරයි
තැලෙන පොඩිවෙන යළිත් තැලෙන ගැහැණිය ඇයයි

කිත් යසස් පොබයමින් රටක් බබලවන්නී
අදට නොව හෙටට තව දූපුතුන් පතන්නී
බැති බරව ලෙන්ගතුව දැය සමය දොවන්නී
හදවතේ ශක්තියෙන් ලෝකයක් දිනන්නී

පද්මිණි ශ්‍රියාලතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails