Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අලුත් දිනවල වගේ
හාදුවක් නොදෙනකොට..
ඇඟේ දැවටෙමින්
දොඩමළු නොවී ඉන්නකොට..
අමතකව ගිය දෙයක්,
මගට විත් නොදෙන කොට..
ආදරේ දියවෙලා
ගිහින් යැයි හිතුන මට...

ගෙදර අඩු පාඩුගැන
හැම විටම හිතන කොට..
දරුවන්ගෙ වැඩ වලම
හැම මොහොතෙ යෙදෙන කොට..
උන් සමග තුරුළු වී
රෑ යහනෙ නිදන කොට..
ආදරේ දියවෙලා
ගිහින් යැයි හිතුන මට..

ලමයින්ගෙ තාත්තා
කියා මට දොඩන කොට..
හිටි හැටියෙ බත් මාළු
ලුණු රහට දැනෙන කොට..
මගේ වැඩ පල තනිව
මා අතින් කෙරෙන කොට..
ආදරේ දියවෙලා
ගිහින් යැයි හිතුන මට...

බැරි වෙලාවත්, ආදරෙන්
ඇඟේ හැපෙන විට
නිකා ඉන්නකො.. පිස්සු නැතිව!
යැයි, කියන කොට..
එදා පෑ සෙනෙහසට
ඉබි යතුරු වැටෙන කොට..
ආදරේ දියවෙලා
ගිහින් යැයි හිතුන මට...

පරණ බඩු පෙට්ටියක
අබලි ගෙන දවන විට
නුඹට ලියු පෙම් පතක්
හොරෙන් කියවා නෙතට..
පරෙස්සම් කොට, නවා
වෙන තැනක තබනු දුටු
නුඹ තවම ආදරෙයි
මට. කියා හිතුන මට...

-'ප්‍රත්‍යාවලෝකන' කාව්‍ය සංග්‍රහයෙන්

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails