Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිරන්තර හමුවීම්වල දැනෙන රසයක රහස
හැඳින හීනයක මෙන් හැමදාම එමි ඔබ එක්ක

මීදුම් තට්ටු ගවුමකින් සැරසිලා ඔබ
වැස්සකින් සියුම් දුම් දමන තාර පාරක් දිගට
කුඩය යට එදින මා රැගෙන ගිය ගමන
ප‍්‍රබන්දෙක අකුරු මත ඇවිදිනා හැඟීමකි දුන්නෙ මට

බස් එකේ කොල්ලෙක් පහුගිය දවසක
සීට් එක දුන් වෙලේ අපට ඉඳගන්න
වාඩිවෙන ගමනුත් - ඔබ
හිරකරගත්තා අතිනුත් තදකර
පුපුරන්ට පෙර
හිනා බැලූම් කට

කොන්දොස්තර මෙන්ම
ආපන ශාලාවෙ වේටර් ද
සලකනා විදියෙහි අපට
පපුව හීතල කරන උණුසුම් අමුත්තක් ඇත

බාහිරට පෙන්වමින් අපි පෙම්වතුන් වග
ඇතුලතින් මෙහෙම ප‍්‍රවේසම් වන එක
විකාරම සෙල්ලමකි
රසකි, අන් කවරදාකත් මා නොලද.

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails