Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නළලතට මේ හාදුව ගනු මැන
වෙන් වෙමින් යන සඳ ඔබගෙන්
කල්පනා කරන ඔබ වැරදි නැත
මෙලෙස මට දිවුරන්න ඉඩ දෙන්න

මා හා විසුව දින සිහිනයකි තවමත්
බලාපොරොත්තුව ඉගිල ගියේ නම්
රැයක හෝ දවාලක
දැක හෝ නොදැක
එනිසා එය මදකට ද
පහව ගොස් ඇත්තේ?
අප දකින හෝ පෙනෙන හැම දෙය
සිහිනයක් තුළ සිහිනයක් පමණි.

කිමිද හෙම්බත් වෙරළක
මහා හඬ මැද සිට ගනිමි
රන්වැලි කැට අතින් අල්ලා
මගේ ඇඟිලි අතරින් සයුරට
ටික ටික! කෙලෙසද රිංගායන සැටි
වැලපෙද්දී මා වැලපෙද්දී!
දෙවියනි! මට නොහැකිද
තදින් වැළඳ අල්ලා ගන්නට

අහෝ දෙවියනි! අකාරුණ්‍ය රැල්ළෙන්
මට නොහැකිද රැකගන්නට?
අප දකින හෝ පෙනෙන හැම දෙය
සිහිනයක් තුළ සිහිනයක් පමණි?

එඩ්ගා ඇලන් පෝ
පරිවර්තනය - උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails