Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සැඟවෙයන් අයියණ්ඩි, උඩු හුළඟ ‍බෝ සැඬයි
දොරපත්ත ඇහිරුවත් උහුලන්න බැරි හැඩයි
දිරපු ටකරන් වහලෙ හෙලවෙනව මට ඇහෙයි
ගැහෙන අපෙ හදවතත් කකියන්නෙ ඒ වගෙයි

ඉවසපන් අයියණ්ඩි, කුස ගින්න බෝ සැරයි
ගෙපැළ ඉණි වැට ගාව සන්නාසි රංචුවයි
කාසි මළු උඩ දදා උන් අපිට අඬගහයි
යන්නෙපා අයියණ්ඩි, උඹ නැතුව මට බයයි

තුඟු මහල් පිස හමන නෙක ඉඳුල් දුඟද මිස
හීනෙකින්වත් දැනෙන කිරි සුවඳ අපට නැත
උඹ එක්ක වැලි මිදුලෙ අදින බළි කුරුටු මිස
ශ්වේත පිටුවට ඔබින සිත්තමක් අපට නැත

බලාපන් අයියණ්ඩි, වැටකෙයිය ගහ ගාව
වල් වැදිල තනිවෙච්ච තාත්තගෙ සොහොන උඩ
හැමදාම අපි දෙන්න වගුරුවන කදුළු කැට
එකින් එක තැවරිලා ඉටි පහන නිවා ඇත

මොහොතකින් ගණ අඳුර දහ අතේ පැතිරේවි
සුනංගුව සමඟ’විත් අපෙ පැළට ඔරවාවි
ගල් වලේ ඔපිසරට නොදැනීම රෑ වේවි
වැඩ ඇරිල කළුවරෙම එවිට අම්මත් ඒවි

ඇවිත් හති දම දමා පන් පැඳුරෙ වැතිරේවි
අඬ අඬා දෙවියන්ට මොනවදෝ මුමුණාවි
රිදෙන ළය අත ගගා තේ කහට ඉල්ලාවි
ගිහින් අර නිවුන ලිප අවුලපන් අයියණ්ඩි

මහේෂ් මධුරංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails