Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කාට ද ඵලදාව ඕනෑ?" මම කෑ ගෑවෙමි. "අපගේ ක‍්‍රියාව මිස, ක‍්‍රියාවේ ඵලය ගැන නො සිතිය යුතු ය කියන ‘භගවත්ගීතාවේ’ කතුවරයා අනුව යි අප කටයුතු කරන්නේ."

"එහෙම නම් ඔබට වුවමනා කරන්නෙ මොනවා ද?" චන්ද්‍රනාත් බාබු ඇසුවේ ය.

"කටු!" මම උස් හඬින් කීවෙමි. "ඒවා තිබුණාට පැළයට වියදමක් දරන්න වෙන්නෙ නෑ."

"කටු අනෙක් කටු වලට බාධා නොකරනවා පමණක් නොවෙයි, කෙනෙකු ගේ දෙ පයට රිදවීමේ විශේෂ ආකාරයක් කටුවල තිබෙනවා." ඔහු පිළිතුරු දුන්නේ ය.

"සටහන් පොතක ලියා තියාගන්න නම් ඒක හොඳයි." මම ප‍්‍රතිඋත්තර දුන්නෙමි. "ඒත් සැබෑ කාරණය වන්නේ අපේ හදවත් වල ඇති මේ ඇවිළෙන ගිනිදැල්ල යි. දැන් අපට වෙලා තියෙන්නෙ අනුන් ගෙ පතුල් වෙනුවෙන් කටු පඳුරු වගා කරන්න යි. පසුව ඒවා අපට රිද වූ අවස්ථා වල දී පසුතැවිලි වීම සඳහා අප විවේකය සොයා ගන්නවා. ඒත් ඒ ගැන වුණත් බියට පත් වන්නේ ඇයි? මෙලොව හැර යන්නට අපට කල් එළැඹුණා ම අපට සිහිලැල් වෙන්න පුළුවන් වේවි. අපි ගින්නෙන් දැවෙමින් සිටිනා අතරේ කෝපයෙන් පිපිරෙමු."

චන්ද්‍රනාත් බාබු සිනාසුණේ ය. "සත්තකින් ම කෝපයෙන් දැවෙන්න ඕනෑ. ඔහු කීවේ ය. ඒත් ඒක වීරත්වය හෝ ඵලක් ඇති වැඩක් විදියට හෝ වරදවා තේරුම් ගන්න එපා. ලෝකයේ සාර්ථක භාවයට පත් වුණු ජාතීන් එහෙම කළේ හිතේ ඇති දැඩි කෝප සහගත දැවීමෙන් නො වෙයි. යහපත් ක‍්‍රියාවෙන්. වැඩ කිරීමට බියෙන් හැම විට ම වැතිරී සිටින උදවිය, තමන් සිටින දුඃඛිත තත්ත්වය අවබෝධ කර ගත් විටක, තමන් ගේ ගැලවීම සඳහා කෙටි මං සොයමින් ඕනෑවට එපාවට කටයුතු කරනවා."

නිඛිල් කාමරයට එන අතරේ ඔහු පරාජය කළ හැකි අන්දමේ පිළිතුරක් දීමට මම සූදානම් වෙමින් සිටියෙමි. නැඟී සිට ගත් චන්ද්‍රනාත් බාබු "මී මැසි රැජින" දෙස බලා මෙසේ කීවේ ය. "මේ පොඩි අම්මා මට යන්න ඉඩ දෙනවා නම් හොඳයි. ඉටු කළ යුතු වැඩ රාශියක් මට තිබෙනවා."

ඔහු පිට වී යනවාත් සමඟ මම මගේ අතෙහි තිබූ පොත නිඛිල් ට පෙන්වූයෙමි. "අපගේ ‘මී මැසි රැජිනට’ මා මේ ගැන කියමිනුයි සිටියේ." මම කීවෙමි.

සියයට අනූවක් පමණ මිනිසුන් මුළා කළ යුතුව ඇත්තේ මුසාවාදයෙනි. එහෙත් ඒ සත්‍යගරුක පාසල් ගුරුවරයා ගේ මේ නො වෙනස් ශිෂ්‍යයා සත්‍යයෙන් මුළා කිරීම පහසු විය. ඔහු නිරතුරුව ම මුළාවට ලක් වන්නෙකි. එබැවින් ඔහු සමඟ කටයුතු කිරීමේ දී පහසු ම ක‍්‍රියා මාර්ගය වූයේ සියල්ල ඔහු ඉදිරියේ එළිදරවු කිරීම ය.

නිඛිල් පිටකවරයෙහි තිබූ පොතේ නම කියැ වූ නමුත් කිසිවක් නො කීවේ ය. "අපේ මේ ලෝකය මිනිසුන් විසින් විශේෂණ පද නමැති දූලි වලින් වසා දමා තිබෙනවා. මේ ලේඛකයන් කරන්නේ ඔවුන්ගේ අතෙහි ඇති කොසු වලින් ඒ දූලි අතු ගා දැමීම යි. ඉතින් මා කියමින් සිටි ආකාරයට ඔබ මේ පොත කියවනවා නම් මම කැමතියි." මම දිගටම කතා කර ගෙන ගියෙමි.

"එය මා කියවා තිබෙනවා." නිඛිල් කීවේ ය.

"හොඳ යි, මොනව ද ඔබ ඒ ගැන කියන්නෙ?"

"යමක් හිතන්න මතන්න උනන්දු අයට නම් මේ පොත බොහොම වැඩදායක යි. ඒත් කල්පනා කිරීම පැහැර හරින අයට නම් මේක විෂ යි."

"ඔබ මොකක් ද අදහස් කළේ?"

"'දේපොළ අයිතිය පිළිබඳ සමානාත්මතාව' ගැන කතා කරන උදවිය හොරුන් නො විය යුතු යි. එසේ විය යුත්තේ ඔවුන් හොරු නම් ඔවුන් වැදි බණකාරයන් වන නිසයි. හිතේ දැඩි ආශාව වර්ධනය වෙමින් පවතිද්දී මේ වර්ගයේ පොතක් නිවැරදි ව වටහා ගැනීම පහසු වන්නේ නැහැ."

"දැඩි ආශාව කියන්නේ අපට මඟ පෙන්වා දෙන වීදි ලාම්පුවක්. ඒක මුසාවක් කියා කීම අප ගේ ස්වභාවික දෑස උදුරා දැමීමෙන් පසුව, වඩා හොඳ පෙනීමක් බලාපොරොත්තු වෙනවා වගේ නිෂ්ඵල වැඩක්."

පැහැදිලි ව පෙනෙන අන්දම ට නිඛිල් ගේ උද්වේගී බව වැඩි වෙමින් තිබිණ. "දැඩි ආශාව පිළිබඳ සත්‍යය මා පිළිගන්නවා. එහෙත් එසේ වන්නේ සංයමය පිළිබඳ සත්‍යය පිළිගත් විට පමණයි. අපට බැලීමට අවශ්‍ය දෙය අප ගේ දෑස තුළට ගිල්වීමෙන් වන්නේ දෑස තුවාල වීමයි. අපට ඒවා දැකගන්න බැරි වෙනවා. දැඩි ආශාවේ සැහැසි බවත් හැසිරෙන්නේ එහෙමයි. මනසත්, එයට ගෝචර වූ වස්තුවත් අතර එහි අරමුණ පරාජය කරන අන්දමේ කිසිවක් ඇති වන්නට එය ඉඩ තබන්නේ නැහැ."

"ඒක නිසැකව ම ඔබේ බුද්ධි මහිමය පෙන්වන පුරාජේරු කතාවක් විතරයි. එය ඔබට සත්‍යයේ කුරිරු පැත්ත නො සළකා හරිමින් සුචරිතවාදී රස බොජුනේ මිහිර විඳින්නට ඉඩ ලබා දෙනවා. ලෝකයෙහි ඇති දෑ ගුප්ත භාවයට පත් කරවන්නට ඔබට මෙයින් පිහිටක් ලැබෙනවා. එනිසා ඔබට පැවරී ඇති වැඩ කටයුතු කිසිදු ශක්තියකින් යුතුව ඉටු කිරීමට නො හැකි වෙනවා"යි මම පිළිතුරු දුනිමි.

"ශක්තිය අනවශ්‍ය තැනකදී ශක්තිය බලහත්කාරයෙන් ඇතුළු වීම ඔබේ වැඩ කටයුතු ඉටු කිරීමේ දී උදව්වක් බවට පත් වන්නේ නැහැ... ඒත්, මේ දේවල් ගැන අප මෙසේ වාද කරන්නේ ඇයි? නිශ්ඵල වාද විවාද වලින් සිද්ධ වන්නේ සත්‍යයේ නැවුම් කුසුම් අතු ගා දැමීමක් පමණ යි."

"මී මැස්සිය" මේ කතා බහට සම්බන්ධ වෙනවා දැකීමට මා කැමති වූ නමුත්, මේ දක්වා ඈ වචනයකුදු නො කීවා ය.

බිමාලා- 2003 (පි: 80)

රවීන්ද්‍රනාත් තාගෝර්
පරිවර්තනය - ආනන්ද අමරසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails