Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(මං එක්ක කූඩු තනන්ට එන්නැති ඔයාට මං දැකපු හීනෙ ලියල එවන්නං.)

සව් කොළ කඩදාසි මතුපිට
සිල්ලරෙට විකිණෙන වෙසෙඟක
අපිත් තැනුවා කූඩුවක්
සිල්ලරෙන් ගණිනු බැරි හීනයක්

දහරමංඩිය ගොතාගෙන මම
ඉඳි කෝට්ටක කටු
සැහැ සැහැ ඉන්නකොට
ඔයා ආවෙ
අඬු කෝප්පෙක තේ හදාගෙන

පැටව්ටත් එක්කලම
මං කෝටු කපනකොට
ඔයා හැදුව තේ එක
ඔයාමයි බිව්වෙ කට තිය තිය
අඬු කෝප්පෙට
මං කට තිව්ව තැන හොය හොය

පන් පැදුර උඩට ඔයා
හලනකොට හිනා මැලියම
”අපි බඳිමු එහෙනං”
මං හිමිං කිව්වම
එලෝමෙලෝ රත්වෙච්චි ගානට
ඔබ මොබ ඇස් යවනකොට ඔබ
පැච් හින්ද අයිං කළ
බයිසිකල් ටියුබ්බෙක දික්කෙරුව මම

කෝටු එකින් එක මම
රබර් පටියෙන් වෙලනකොට
ඇඟිල්ලක් තිව්වෙ ඔබ
එක කොනක් හඟවන්න උදව්වට
හිතත් මගෙ ඒ එක්ක
ඔබෙ හිතේ හැඟවුනා
මට අහන්නම හිතුනා
අපි කූඩුවක් වෙමුකෝ කියලා...

සව් කොළේ නැම්ම දිග
කතුර ඇවිදං ගිහිං
පාර නොපෙනෙන මානෙදී
හැප්පෙනකොටම ඔය’ත් වල
ගැස්සිලා හිතත් මගෙ
හැප්පුනා ඔයැ’ස් වල
අපි කූඩුවක් වෙමු කියල
ඒ පාර නං මං
වියංගෙන් කිව්වා
තේරුනද මංදා...

කෝටු උඩ පාප්ප
ඒ උඩින් වෙසක් කොළ
සුසිනිඳුයි ඇලවිල්ල
ඔය ඇඟිලි කඩිමුඩියෙ වැඩ කළා
කතුර රැඳි මගේ අත
ඒ උඩම දැඟලුවා
අපේ කූඩුව
එන්න එන්නම හැඩ උනා...

දුප්පතුන් නැති ලෝකයේ
වෙසක් පහනේ
කඳුළු කැටයම් මතක ඇවිදිං
කූඩුවට අපෙ පිනිත් ඉස්සා
තෙත වෙසක් කොළ
ඇදි ඇදී තව පෙනුම ආවා

තී‍්‍ර කේ බැට්රියක
අඩු වොට් බල්බයක් හයි කර
අවදානමෙන් අපි ගැලවුනා
හ‍ඳේ මූණත් එළි උනා

එළිය කූඩුව ඇතුලෙ තැග්ගැහි
කූඩු වෙන හින්දාද ලස්සන
එළිය එන්නට කූඩුවෙන් එළියට
තරග වදිනා හැටිද ලස්සන

කූඩුවෙන් එළියට එළිය
පෙර පෙරා එවනා විදිහ
මුලු මිදුල එළි කරනා හැටිත්
එළියෙ ඉඳලා
බලනෙකයි ලස්සන...

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails