Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කණමැදිරි එළියක් සේ
නිවුණු පත්තු වුණු
ලොකු අයියගෙ ඇස්
එච්චරට ම කතා කරපු
දවසක් මට මතක නෑ

මාස තුනක් එක දිගට ම
පොලිසි ගානෙ භ‍්‍රමණය වෙච්ච
ඔළුව අදත් තෝන්තුවාවයි

ඉර හිනාව මුකුලිත වුණු
කළුපැහැ ගත් එක් උදයක
භයානක චිත‍්‍රයක් මූණෙ ඇඳගෙන
ලොකු මාමා ගෙදර ආවා

"රෑ ඇඳන් හිටිය
ඉරි සරමෙ කෑලි
හන්දියේ ලයිට් කණුව යට
ටයර් අළු ගොඩේ තිබුණා"
ලොකු මාමා හෙමින් කිව්වා
හිත තීරු තීරු ඉරුණා

පැටි සමේ විකපු තැන
දකුණතේ කැළැල
අළු අතර මතු ව පෙනුණා
හිත ඇතුළෙ හෙණ හඬක් ඇසුණා

කඳුළු සලා වෙහෙසුණු
රතු ඇස් බඳු එරබදු මල්
බිම බලාන හිටියා

අදත් කණමැදිරි එළි දකින විට
මම අහක බලා ගන්නවා

[කටු තුඩට පිනි පහස කාව්‍ය සංග‍්‍රහයෙනි]

ළහිරු කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails