Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දිගු වරල තනි කරල ගොතා විසිතුරෙන් තොර
පොත්තටම ගෙවී ගිය රබර් පාවහන් යුග
පාට මල් පරවෙලා ගවුම තුල පෙති හැලෙන
වහන්නට හදන අගහිඟය එබිකමි කරන

දියණියකි හැමදාම මාවතේ මුණගැහෙන
අනාගත සුබ සිහින තකා සිඟමන් යදින
විකොට බඩවත පුරනු විනා මහ දන් දෙවන
ඇදුරු වෙසතුරු පලා ගිය පුරේ කඩ පෙළින

කාර පාරේ හැපී හිරු වියරු හස නඟන
යතත් රථ ඉගිල්ලී පයින් යන මද්දහන
හිතයි මුදලක් හෙමින් අතක් මිට මොලවන්නට
වුනොත් නපුරකි එයින් මදිකමක් හෙම නුඹට

සීරුවෙන් වපුල බිජු කිරි වදින නිල් කෙතට
දිරිය දියවර මුදා බදින දඬුවැට තදට
කට කපා දුකම විදි අතීතෙක මතක යට
දියණියේ නුඹෙන් මම මා දකිමි මොහොතකට

පද්මිණි ශ්‍රියාලතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails