Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අසන හඬක් දෝ දොරට තලන්නේ
බිහිරි කනක් දෝ දොර නාරින්නේ
කඳුළු විලක් දෝ දෙපා ගිලෙන්නේ
කොහොම ලියක් දෝ පා වී යන්නේ

ගුප්තිකා ගුප්තිකා
මල් ලෝකෙ සැරිසරනා
ගුප්තිකා
ඇස් පියාන
කන් වහගෙන
මල්මාලා කර දා ගෙන
මල් පෙති උඩ පා වී යන
ගුප්තිකා

සෙදෝනාගේ කෙඳිරිය කළුවර යාමේ
දෙගොඩ තලා ගෙන කනේ වැදෙන්නේ
සිංඤාගෙ ගෙරවිලි පිහිය අනින්නේ
ලේ ගංගා මහ පොළොව තෙමන්නේ

ගුප්තිකා ගුප්තිකා
ඇස් පිය වූ ගුප්තිකා
කන් නෑරෙන ගුප්තිකා
ගලෙන් තැනුව ගුප්තිකා

සඳෙන් පළු දී සාගිනි නිමලා
කරෙන් තියා ගෙන එගොඩට පැදලා
බවෙන් නෙමේ මේ බවේම කියලා
නිවන් සැපක් දී ලංකර හදලා

දරුණු දෙයක් කුස තුළ කකියන්නේ
බත් ඇටයක් කට තුළට දමන්නේ
දරුණු දෙයක් හද තුල නලියන්නේ
කිරි බිඳුවක් නැත දිව පොඟවන්නේ

ගුප්තිකා උඹ කුමට ද ගුප්තිකා
සෙල්වන් වූ
ගුප්තිකා
කඳුළු ගොඩේ සතර ගාතෙන්
දණ ගානා ගුප්තිකා.

[උණ ගස මුදුනේ සිට- 2006 සැප්.]

ඊවා රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails