Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තුමියනි,
අඩ දැනිව නරඹමි
සිහිනිවට බිඳු බිඳු වැහි එවන
සුනිල් සුවිසල් අහසට
නෙත් අත් යොමා පසුවන
ඔබ තුමියව

කැත සෙවල සර්පයා මතම
වගක්වත් නැති ව
පියවි ව පා ඔබා පසුවන
සැබැවිම ඔබ කවුද?

සර්පයා විසින් රවටන ලද ඈ ද?
නැතහොත් ඔබ විසින්
සර්පයා රවටනු ලැබුවාද?

දිනක ගල් පහර කෑවේ ඔබම ද?
නැතිනම් ගල් ගැස්සෙව්වේ ඔබ ද?

දලු ලන, කොළ හලන
සසල වට පිට මැද
අහස දෙස බලා ගත්
නිසල ඔබ කව්ද?

[සුද කාව්‍ය සංග්‍රහය- 2005]

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails