Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හදේ සැමරුම් සෙල් තලා මත
අර්ධ උන්නත නෙළඹුවකි නුඹ
කලා සපුරන වෙසක් සඳ යට
මතක වැහි ඇලි වැටී මතුවන

දිලී නිවෙනා බුබුලු පෙළකට
නයිට් රයිඩර් රටා හුරු කළ
පහන් කූඩුව මුල තිබූ
ෆ්ලෑසර් කොටය ඇත තාම නොදිරුව

නුඹෙ බුලත් කෙළ කහට තැවරුන
තඹ තහඩුවක එමත සවි කළ
විදුලි පුපුරක් වගේ මතුවී
රිදුම් දෙයි නුඹෙ සිනා සලකුණ

පරණ බෙල් ඔරලෝසුවක
ඇතුලතින් ගැලවූ දැතිරෝද'තර
මෝටරේ මහ ජවය සිර කර
තාලයට කරකැවු කූඩුවක
පහල පුවරුවෙ නම නොලීවට
කිසිදාක අමනාප නූනට
තාම දුක හිතෙනවා රාජෝ
වෙසක් විස්සක් පරණ හිතට ද

සිඟමනට වටිනාම මෙවලම
පෝලියෝවෙන් දුබල දෙකකුල
ලොවෙන් සඟවා එමත හිඳගෙන
යෝධ වෙර වැඩු දෑත සවිබල

තාම හීනෙන් ඇහෙනවා නුඹෙ
පුංචි පට්ටල පුරා මිටි හඬ
සුරුවමට නැවෙනා තහඩුවල
චිරි බිරිය සහ හීන් කෙඳිරිය

රෝද පුටුවක ඉඳන් ඉහිරන
ඇද හිනාවක් තබා මුව මත
දෙපා ඇති උන් හිඟමනේ යන
වීදියක නුඹ ඇති රජෙකු ලෙස
උන්ට රිදියෙන් කාසි දෙන්නට
උන්ගෙ දුක් ගැනවිලි අහන්නට

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails