
ආ ගිය ලකුණු නැවතුණු
වැල්ල
නිසලය නින්දේය
අහසෙහි එළිය
වළකන පඳුරු
අඳුරුය බියමුසුය
ඉවුරේ එරුණු
ගොනු කුර
තණ පඳුරු ගොදුරුය
වැල්ලේ එරී ඇලවුණු
ඔරුව
ඔත්පලය මහළුය
කුරුමිණි මතුව
කඳ විද
කුහර බහුලය
ඉස්සර නිතර සුවදුන්
ගඟ
අත ළඟය
ගඟ දිය ගලන
කෙළිබරය
තුරුණුය
ගඟ රැළි නිතොර
කැඳවත
ඔරුව ගඟවෙත
ඔරු කඳ දුකිනි
ගඟ
නුදුරේය - ඈතය
[සඳ ඇබින්දක් - 1991]
ආරියවංශ රණවීර



