Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගිගුම් දෙන රථ නලා හඬ මම රිදුම් දෙන මොහොතකින් පසුකර
කැළුම් විහිදෙන තිරය අභිමුව හිඳගතිමි ඒ අහස සමුදුර
නෙළුම් පොකුණේ තරම් හැඩ වැඩ නැති නමුදු වේදිකා තණ තිර
කොළොම් තොට දිගු ගැලරියේ එක සඳලුතලයකි ගාලු මුවදොර

අතින් ගෙන පොඩි සරුංගෝලය සුරතලෙකි මේ පෙරට එන්නේ
නිතින් බිඳෙනා මූදු රළ පෙළ නොනිම් සංගීතය මවන්නේ
ගතින් කලබල නමුදු සතුටින් කාක පිරිවර ගී කියන්නේ
දුරින් හිරු රතු පාට දියකර වළා මත සිතුවම් අඳින්නේ

රස කෑම ගෙන මවක එයි කර තියන් මහ බර කූඩයන් දෙක
හිඳ සෑම දෙන ගයති, කති, බොති මමත් ගත්තා සාර විට එක
හැමදාම බැල්කනියෙ ඉඳගෙන බැලිය හැකිමුත් මෙවන් රූ නෙක
නොකියාම ගම හැර ඒම ගැන තව දුකෙනි මේ තාල ගස් ටික

ලොවක් එළිකළ හිරු කුමරු එළියත් අරන් කරළියෙන් බැසයන
සොවක් ඇති වූ අයගෙ සුසුමන් සීතලට කම්මුලේ තැවරෙන
නිමක් නැති ආදරේ කිමිඳුන පෙම්වතුන් තව හාදු විඳගෙන
හෙටක් එනකල් කඩුව ගත් සිංහයෙක් රඟහල ඉහළ ලෙළදෙන!

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails