Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ කවිය උඹ ගැනය
ඒ උනත් දැන් උඹට
කියවන්න නම් බැරිය

එකේ පන්තියෙ චන්දරේ
අටේ පන්තියෙ චන්දරේ
නමේ පන්තියෙ අකුරු බැරිවී
ආමි ගිය අපෙ චන්දරේ

වෙසක් එකට උණපතුරෙන් පැටව්කූඩු හැදූ
පිරිත් ගෙදර මණ්ඩප්පෙට ගොක්කොල වැඩදැමූ
එගොඩ වෙලේ ලියදි දෙකක බෝංචි කොටු වැවූ
උඹේ අතට තුවක්කුවක් උනේ කොහොම හුරූ

හිංදි පිච්චර් සිංදු කෑලීම කියා නැටුවේ ඒ කලේ
පුහුණුවෙන් පසු ගෙදර ඇවිදින් සිංදු අමතක වූ වෙලේ
ආමි කැප් ටී ෂර්ට් බෙදමින් උජාරුවකින් අපි ළඟේ
ටී පනස්හය ආර්.පී.ජී ග්‍රෙනේඩ් ගැන කිව් චන්දරේ

'ගේ හදලා ඉවර වෙලා අපි බඳිමුකො සුදූ'
කන්දෙ ගෙදර නන්දනීට ලියුං කෑලි ලියූ
තවෙකෙක් නහනට පැතුමක් තුන්හිතේම නොවූ
තුවක්කුවෙන් වෙඩිතිබ්බේ දූගී කමට ඔහූ

නිවාඩුවකට ආ වෙලේ
උඩහ වැව ලඟ බන්ටෙකේ
ළඟින් ඉඳගෙන ඈත බලමින්
'සුවර් නෑ බං' කියලා ගියේ

දෙසතියයි ඉන් පහු උනේ
බ්ලාස්ට් එකකට අහු උනේ
සීල් ඇලවූ පෙට්ටියක් තුළ
කකුල් අටකින් පැමිණුනේ

වෙඩි තබා රණබෙර වයාලා පොළොවෙ සැඟවූ චන්දරේ
මතක් වෙනකොට වාවන්නෙ නෑ පපුවෙ ඇවිලෙන ගින්දරේ
මේ සොහොන යට නිදන මිනිසෙකි තවම හදවත පණ ගැහේ
ලාන්ස්කෝප්‍රල් පී.ආර්.සී.චන්ද්‍රසිරි අපෙ චන්දරේ

ඩිලාන් විශ්වනාථ හටනාරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails