Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නෝ මෝ මාක්ස් ප්‍රසංගය අපට සැබැවින්ම සංගීතමය Orgasm එකකි. මෙහිදී විවිධ වර්ගයේ කන්‍යා පටල කැඩී ගිය බවට චෝදනා එල්ල වූ අතර ගුණයාගේ ආඩපාලිය වන්නේ මින් ඔවුන්ගේ දේශපාලනික පටලයට හානි වූ බවයි. ගුණරත්නගේ Facebook එක පවා වෙන කෙනෙකුගේ නිසා, ත්‍රිමාණ කිව්වත් අඩු තරමෙ එකමානයක් වත් නැති අඩවියේ මේ ලියුම ගැන සැකෙන් වුණත් යමක් ලියන්නට ආ උවමනාව මෙසේ ප්‍රසිද්ධියේ මෝචනය කරන්නට තීරණය කළෙමි.

මාක්ස් සොමිය ගැන ලියුම දුටුවිට මට මතක් වූයේ 2004 දී අප පරණ එක්ස් කණ්ඩායම සුනාමියෙන් කැඩීබිඳී ගිය පසු අපි මුලින්ම කළ සංගීත ප්‍රසංගයයි. එහි මූලික අරමුණක් වුණේ එක්ස් කණ්ඩායම ඇතලේ ඉඳිද්දී දේශපාලන අරමුණු වෙනුවෙන් යැයි කියමින් අපි කලාකරුවන් ඇණ ගැසූ කුරුස ගලවා දැමීමයි. කොටින්ම පව් සමාකර ගැනීමයි. එම ප්‍රසංගයට ද අජිත් සහභාගී කරගැනීමට හැකිවීම දැන් බලන විට මාර ආතල් වැඩකි. කෙසේවුවත් එම ප්‍රසංගයට ද ගුණේ තමන්ගේ ඇම්බැට්ටයින් පිරිසක් එවූ අතර ඔවුන් අතර දැනට මාධ්‍යවේදියෙකු ලෙස ජීවිත තර්ජන ඇතැයි කියා යුරෝපයට ගොස් සිටින තිලක් කෝදාගොඩ සහෝදරයා ද සිටියේය. එවකට ඔවුන් ප්‍රසංගයට පැමිණ තිබුනේ අප විසින් සංවිධානය කල මැයි පෙළපාලිය හා ප්‍රසංගය ගැන ඔවුන් කැමති ආකාරයේ විස්තර හා මඩ එකල පවත්වාගෙන ගිය වෙබ් පිටුවක පළකිරීමේ උදාරතර අරමුණ ඇතිවයි. දැන් ත්‍රිමාණ අඩවිය තමන්ගේ අශික්ෂිත බව සඟවා ප්‍රකාශ කරත් එකල ඒ වෙබ් අඩවිය අසික්කිත විදිහටම ඒ කටයුත්ත කළේය.

අවුරුදු 08කින් පසුව මෙවර අප කළ ප්‍රසංගය ගැනද ඔවුන් ලියන්නේ අටකට කලින් ලියූ හැටියටමය. ඔවුන්ට අනුව මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ දේශපාලනය joke කිරීමයි. ඒ එම ප්‍රසංගයට සහභාගී වූ කලාව ගැන අබමල් රේණුවක්වත් නොදන්නා ගුණේගේ සගයන් වාර්තා කර ඇති අන්දමයි. (ඒ බව ලිපියේ සඳහන් වෙයි.) ලංකාවේ joke කිරීමට තරම් සීරියස් දේශපාලනයක් තිබෙන්නේ කොහෙද කියා අපි නොදන්නෙමු. අප දන්නා පරිදි ලංකාවේ ඇත්තේ jokerලාගේ දේශපාලනයකි. ගුණයා ඇතුළු පිරිස මේ ඔප්පු කරමින් ඉන්නේත් භුක්ති විඳිමින් ඉන්නේත් එයම නොවේද? අජිත් සමඟ පුද්ගලික කෝන්තරයක් නොමැති බව කියමින්ම ගුණේ අජිත් ගේ බිරිඳ, ඔවුන්ගේ අතීත කතා ආදිය ගැන කියමින් ඔප්පු කරන්න හදන්නේ මොනවාද? ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් ඇත්තට වැඩ කළ නිමල්කා, සුනිලා, පාත්‍යසෝති සරවනමුත්තු (කලදී ගුණේට වහ කඳුරු) වැනි පුද්ගලයන් ගෙන්වා දේශනා පවත්වන අතර අජිත් වැන්නවුන්ගේ කලිසම ගැලවීම තැත්කිරීම බැරෑරුම්ව අද සිතිය යුතුය.


අජිත්ගේ නිර්මාණ දෙස නොබලා ඔහුගේ පෞද්ගලික ජීවිතයට මඩගැසීම මොවුන්ගේ කවර තිසීස වලට අනුගත වේදැයි අපි නොදනිමු. ඔවුන්ට අනුව ඇත්ත ගායකයෙක් වෙන්න නම් ගුණේ විසින් අනුදැන වදාරන පිළිවෙත් සම්පූර්ණ කළ යුතුය.

මෙම ලියුමේ හිනා යන කතා නම් අඩුවක් නැත. එක දිගට හිනා රසය පවත්වා ගනිමින් anti–deepthi ව්‍යාපෘතියක් ගැනත් කතාවක් එයි. ඇත්ත කතාව අද පවතින කලාව මැද්දට ගුණේට පැරෂුට් එකකින් හෝ බහින්නට නොහැකියාවයි. කලාව ගුණේ දමා බොහෝ දුර ගොස් අවසන්ය.

රට ගියා පෙරට - අජිත්

මිනිසුන් අතර ජීවත් වෙමින් ජීවිතය හැදෑරූ දාර්ශනිකයන් තොග පිටින් ගෙන ලාබෙට හාන්සි පුටුවකට වී කියවීමෙන් තවත් දාර්ශනිකයෙක් බිහිවන්නේ නැත. ඒ වෙනුවට බිහිවෙන්නේ ලෙඩෙකි. විශේෂයෙන්ම කුරෝලු වුණු දේශපාලන ඔලු ගෙඩිවලින් කලාව තේරුම් ගැනීමට යාම කලාවට අපලයකි. මන්දයත් කලාව තිබෙන්නේ තේරුම් ගැනීමට හෝ මිනිසුන් වෙනස් කිරීමට වඩා භාෂා ලෝකයෙන් වෙනස් වු විදීමක් වෙනුවෙනි. එබැවින් කලාව තුලදී politically correct යන්න අදාල නොවේ. එය ගුණේගේ ඒකමානයට අසු නොවේ. නිරන්තර ප්‍රතිවිරෝධතා මැද ජීවිතය හසුකර ගැනීමට යාම නිසාම කලා භාවිතාවන් ද නිරන්තරයෙන් වෙනස් වෙයි. ඒ අනුව එම අත්හදාබැලීම් කරන කලාකරුවන්ගේ ජීවිතද වෙනස් වෙයි. අජිත් ඔහුගේ show එකට රැගෙන ආවේ ඔහු අත්විඳින සකල විධ සමාජ කුහකත්වයන්ට එරෙහිව ඔහුගේ හෘදයාංගම ප්‍රකාශනයයි. එය සුරතාන්තයක් වන්නේ ඒ නිසායි. එය හුදු වචන වලට පෙරළිය හැකි දෙයක් නොවේ. මෙය ගුණේගේ ඒජන්තයන්ට නැවත පරිවර්තනය කළ හැකි අත්දැකීමක් නොවේ. ඔවුන් ට්‍රයි කරන්නේ ගුණේගේ ෆැන්ටසිය හානි නොකර පවත්වාගෙන යන්නයි. ගුණේට අසන්නට ලැබෙන්නේ මේ ඒජන්තයන් විසින් ගුණේගේ හිත නොරිදා කියන ගුණේට අහන්නට අවශ්‍ය ඇත්තයි. මේ ඇත්ත සහ ඇත්ත ඇත්ත අතර ඇත්තේ මනෝවිශ්ලේෂණය විසින් පැහැදිලි කළ යුතු ඇත්තකි.

ගුණේගේ ඔළුවේ තාම සිටින්නේ තමන් දැන සිටි 80 දශකයේ අජිත්ය. ගුණේ තාම පහර දෙන්නේ 80 දශකයේ ඉලක්ක වලටය. අජිත් ජාතික ලේඛණාගාරයේ හිඳ අධ්‍යයන කිරීම ද ගුණයාට අවුලකි. ගුණේ ලියන විදිහට කුණු ගොඩවල් වලින් හෝ අලුත් දැනුම හොයා ගැනීමේ ඇති වැරැද්ද අපිට තාම තේරෙන්නේ නැත.


අජිත් සමඟ ඇති මෙම ඔරොප්පුව කුමක්ද? ත්‍රිමානයෙහි ඇති ලිපියෙන් කියවෙන්නේ අජිත්ගේ නුහුගුණ තත්වය නිසා ඔහුව දේශපාලන කණ්ඩායම් වලට වැද්ද නොගත් බවයි. ඇත්තෙන්ම එය අජිත්ගේ වාසනාවකි. මෙවැනි දේශපාලන කණ්ඩායම් වල සරණ පතා ගිය කලාකරුවන්ට වුදේ එම කලාකරුවන් ද නොදනීයි. එමෙන්ම ඔවුන්ගේ කතිකාවට සම්බන්ධ වු කලාකරුවන් හට අවසානයේ කතා කිරිමට ඉතිරි වුයේ මහා අනෙකා හා කැටපත් අවධිය ගැන පමණක් වීම අහම්බයක් ද? ඇත්තටම සිදු වී ඇත්තේ අජිත් ගේ ගී වලින් කියවෙන කලාව තුලම ඇති දේශපාලනය තේරුම් ගැනීමට මොවුන්ගේ පටු විපරිත වාමාංශික දේශපාලනයට නොහැකිවීමය. සතුට කරුණක් වන්නේ ගුණයලා එකම තැන කැරකැවෙද්දී කලාව ගැන විශ්වාස කරන නව පරම්පරාවක් අජිත්ට මුණ ගැසීමය. එය හොද තත්වයකි.

මෙම ප්‍රසංගයට මාව ද සෙට් කර ගැනීම වෙනුවෙන් මම අජිත්ට හා චින්තාට ස්තූති කළ යුතුය. ඒ අතරම මෙම කාර්යයට උරදුන් අරවින්ට ද සහ උදයාට ද ස්තූතිය හිමිවිය යුතුය. මෙතැන මගේ සහභාගීත්වය ගැන නැවතත් ගුණයා බෝල පටලවාගෙන තිබේ. ගුණේ කියන පරිදි ඔහු ද කාලයක් සෙල්ලම් කල මගේ බෝල දැන් ආගිය අතක් නැත. ඒවා කවුරුන් හෝ ගැහැණියක් විසින් ගලවා ගෙන ගොස් ඇති බවට ගුණයා කියන්නේ ඇත්තකි. එය මං දැනගත්තේද කාලයකට පසුවයි. බෝල නැති බව මම පිළිගනිමි. යමක් නැති බව පිලිනොගන්නා තාක් කිසිවක් අලුතින් ඇතිවන්නේ ද නැත. දැන් මා ගුණේ මෙන් හිතන්නේ බෝල වලින් නොවේ. බෝල වලට වඩා හිතන්නට තවත් තැන් තිබෙන බව මම දැන් දන්නෙමි. සහ ඒ සිතීම වඩා නිදහස්ය. මනුස්සය. තමන් අතහැර ගිය අයගේ බෝල ගැන නිරන්තරව තැවෙන ගුණේගේ ආසාව යෝනිය වෙනුවට ගුද කේන්ද්‍රීය එකක් බව පැහැදිලිය. ගුණේගේ සියලු දේශපාලන ප්‍රවාදයන් හා න්‍යායන් මේ සඟවා ගන්නට තනන පුද්ගලික අදුරු ලිංගික තැනකින් මතුවෙන බව තේරුම් ගැනීමට විසංයෝජනයක් හෝ විශ්ලේෂණයක් අවශ්‍ය නොවෙන ගානය. (කූඹියාගේ ගුද සංසර්ගය, ආසාව, පුකේ ගහන ඇගිල්ල, උපුටා ගැනීම ගුණේගේ ලිපි වලිනි) අපට වල් යැයි කියන ශුද්ධවන්තයෙකු වන ඔබ ඔබේ ආශාවේ දිශාව තේරුම් ගන්න. එය දේශපාලනය නොවේ. සමාජය එයට කියන්නේ විකෘති කාමය කියායි.

මිනිසෙකුගේ සිතීම සිරකරන එක සීමාවක් වනුයේ තමන්ගේ සතුරාගේ සීමාවයි. පසුගිය වසර 8 පුරාම ගුණේට ඉන්නේ එකම සතුරන් පිරිසකි. කවුරු කොයි වැඩක් කළත් ගුණේ බනින්නේ ඒ පරණ හතුරු පිරිසටය. ඒ හතුරන්ගෙන් පිට දේශපාලනයක් ගුණයාට නැත. no more මාර්ක්ස් ප්‍රසංගය ගැනද ගුණේ බනින්නේ වැඩේට කොහෙත්ම අදාල නැති ඒ පරණ නෑදෑයින්ටය. අපි දේශපාලනය ජෝක් කරනවා කියන්නේ මේ වගේ ගොන්පාට් වලටය.

තමන්ට හැර අන් සියල්ලන්ට පිස්සු යැයි කීම පිස්සන්ගේ ගතියකි. මිචෙල් ෆූකෝ ආදී පොරවල් වල සංවාද ගැන කතාකරන ගුණේට අංගොඩ පිස්සන් කොටුව ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ලෙස නම් කිරීම ද ගැටළුවකි. මේ වගේ වෙලාවට ඉස්සර අපිට කියවෙන්නේ 'බල්ලොත් එක්ක නං බෑ' කියාය. ඒත් අජිත් කියන විදිහට 'බල්ලො එක්කත් පුළුවන්' කියල අලුතෙන් හිතුණ නිසයි මේ උත්තරය ලියවුණේ.


ඉතිහාසයේ සිදුවූ වැරදි නැවත නැවතත් සිදුවිය යුතු යැයි සම්මත නීතියක් නැත. මෑතකදී වැරදි පාරේ යනවා යැයි කලාකරුවන් රාශියකගේ නම් වැලක් කියමින් තමන්ද ගුණේ කියවන බොහෝ පොත් කියවන බව ලොකුවට විදර්ශන කියද්දී මට ඇඩෙන්න ආවේ මේ මතකයන් නිසාය.

චින්තා ලියා ඇති පරිදි no more මාර්ක්ස් හුදු ප්‍රසංගයක් නොවේ. එය ලොකු වැඩකට මිනිසුන් එකතු වුණු ආදරණීය මොහොතකි. ප්‍රසංගය ගැන එක් බ්ලොග් කරුවෙක් ලියා තිබුනේ "මැරෙන්න යන මිනිසුන් බේරගන්නවා වැනි වැඩක්" ලෙසයි. එය ඇත්තටම කෝමා එකක ඉන්න ජීවිතයට යළි සිහි කැඳවන්නට ප්‍රබල එන්නතක් බව ඔප්පු වෙන්නේ ගුණේ වැන්නන්ගේ මේ ජෝක් නිසාමය.

අපි දැං මරන්නේ නැහැ......
අපි දැං කනවා විතරමයි...... [-අජිත් කුමාරසිරි]


කටකලුවා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails