Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත- සියදිවි නසාගත් එප්පාවල වසන්ත ප්‍රදීප්ගේ ඇඟිලිතුඩු මතින් ජංගම දුරකථනයෙහි සටහන් කළ කෙටි පණිවුඩය.

මචං උඹ අද මැරෙනවා
මල් සරා උඹට වෙඩි තියනවා
මල් ඉවත් කර
කටුගැසූ හීයකින්
ඌ උඹේ පපුවටම විදිනවා

මල් කැඩූ දුරකථන තිරයේ
උඹ කෙටූ අකුරු ටික
සිංහල ඉතිහාස පොතෙන්
delete වේවි
උඹට අමතක නැති
අපට අමතක ඒ අතීතය
උන් වෙනස්කර ලියාවී

අපිට මහ දිගට දැනුණත්
උඹේ කෙටි පණිවුඩය
මිලක් ඇති sms එකක් විතරයි

උඹ මියෙන සැටි
උඹ කියපු විදිහටම
clip එකක තිබුණා
උන් ඒක මුලින්ම පෙන්නලා
පළමු තැන ගන්න පොර බැදුවා

අලුත් විදිහට උනත්
මචං උඹ අද මැරෙනවා
පරණ විදිහටම අපි
හෙටත් sms ගහනවා

-The Rebel.ජනරළ [03.06.2012]

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails