Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[තම කර්මාන්තය කොත්මලේ නවත්ගම සිටිය දී දියුණු මට්ටමක තිබුණත් හපුගස්තලාවට පැමිණි පසු ඉන් ලැබෙන ආදායම ජීවත්වීමට තරම් ප්‍රමාණවත් නොවන බව නවරත්න පැවසීය.
-archaeology.lk | ජලාශයෙන් යට වී ගිය කොත්මලේ ලෝහ තාක්ෂණික උරුමය]

ගිනිගලේ පිපෙන ගිනිමල් රත සේමා
බිම්මලේ සුදට ඇඳි හුණු ඉරි සේමා
සල්මලේ සුවඳ අහසට නැගි සේමා
දම්වැලේ පුරුක් එකටෙක බැඳි සේමා

මාලිගා මැදුරු තිබු සිදුහත් කුමරුන්ට
සල්වනේ ගහක් යට සිදුවිය උපදින්ට
සිදුවුනේ පවට නොව ගස් යට බුදියන්ට
මල් වගේ හැදෙන මගෙ පොඩි පැටවුන්ට

කොත්මලා ඔය වතුර සිඹ එන සුළඟකට
ඉරිතලා වැටෙයි හිත ඉකිලන සුවඳකට
ගම් බලා යන දවස ආයෙත් නො කියන්ට
දිවුරලා කියාපන් මැණිකේ මගෙ කණට

කිණිහිරේ තැලෙන ලැබ කුළු ගෙඩිය දෙන ගුටී
පන්නරේ ලබයි යකඩය අඟුරු ගිනි ගැටී
සනුහරේ උරුම ගිනිගොඩ නුඹට මගෙ පැටී
ගින්දරේ දැවෙන හිත නම් තවම මොලකැටි

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails