Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පුපුරයි!
බෝම්බ තව තවත් පුපුරයි!
තාරකාවෝ මියයත්
තුවක්කු වෙඩි උණ්ඩයෙන්,
අහස් ගැබ සිදුරුව
වෙඩි උණ්ඩ වර්ෂාවෙන්
වැරහැලිව එල්ලෙයි
හඳත් සමහර විට....
ඔව්.... අද හෙටම....


සෝලෙයි කිලි නම් ශ්‍රී ලාංකික දමිළ කවියාගේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍ය ඛණ්ඩයෙන් වැඩි ප්‍රතිශතයක් පරිකල්පනයෙන් නිම වී තිබිණැයි එය කියවූ මුල් දිනවල මට සිතිණ. කවියා ළයෙහි ඇනුණු හුලක් ඇතියෙන්, තියුණු සංවේදිතාවෙන් යුතුව යුද්ධයේ බිහිසුණුකම් උත්කර්ෂයට නඟන බැව් මගේ අදහස විය. එහෙත් සැබැවින්ම එය එසේ නොවීය. ඒ කවියා දුටු අහස, ඒ තාරකා මෙන්ම ඒ සඳ ද එකී තර්ජනයට ලක්වන අයුරු දෑසින්ම දැක ගන්නට තරම් මම ද අභාග්‍යසම්පන්න වීමි.....

.....රත් පෑ දළු සලමින් ළඟ එන වසන්තයට සිනාසෙමින් සිටි අඹ ගසේ විටප අතරින්, කලා සපුරමින් සිටි සඳවත යළිඳු පෙනිණ. එවෙලේ ඈ වටා තරු කැකුළු පිපෙන්නට තැත් කරමින් තිබිණ. එහෙත් වෙඩි හඬ ද කුරිරු මරණය ද හඳ තරු නාඳුනන්නේය. අහිංසක සරාසඳ! භාග්‍යය රැගෙන එමින් සිටි ඕ බෝම්බයෙන් ද, තුවක්කුවෙන් ද තුවාල ලබා සිටියාය.

ගහක් ගලක් මෙන් ළෙව් පපු කම් නොමැති
ඉරක් නම් ළඟට කිසිවෙක් ළං නොවෙති
දුකක් මුත් මටත් නුඹටත් කුරිරු ගති
නුඹත් එහෙම වෙනවාටයි මම කැමති


හඳට වෙඩි තබන්නට අත ඔසවන මිනිසාට ලොව විසකුරුම සර්පයා පවා පෙම් බඳිතැයි සිතන්නට බැරිය. සියළු දේ ගින්නට බිළිවෙමින් තිබේ. දවසම රාත්‍රිය බවට පත්වෙයි. ඒ රැය කවීන්ට පවා නොතේරෙයි. ජයගරන් නම් කවියා 1989දී පාර්වයි (දැක්ම) නමින් ලියූ කවියක ඛණ්ඩයක් මෙබඳුය; ඒ ඔහු තේරවිල්ල තෝරන හැටිය.

රැයේදී සියළු දේ සිදුවෙයි
අරුණෝදයේ දිස්වෙයි.
අවසන් ද නුඹෙ යුගය,
සිනා සිසී ගතවුණ?
මිනිසත්කමේ නාමයෙන්
දවසක් උදාවේද?
පළමුවන බිල්ල වූ
සහෝදරයා කවුරුද
අවසාන බිල්ල වන
සහෝදරයා කවුරුද?


[-ලස්සන ම අහස හා මතක සිතිවිලි]

රත්න ශ්‍රී විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails