Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රිහසල් වරද්දන
අර හොරෙන් බලන ඇස් දෙක
චලනය වෙන පොටෝ එකක්
ඇහිපිල්ලං ගහන
හීනයක රාමු කළ

ෆෝන් එකේමයි හිටියෙ අපි
අඳුනගත් මුල් දවස් වල
නාට්යක රිහසල් අතරතුර

දුරෑදෙනකොට
”යතුරු” බොත්තං වදින
වේගයේ මනදනෙට බැන බැන
අකුරු වල හුස්ම වැටෙනා කටහඬ
හද හුස්ම එක්ක කවලමේ අන අන
වරු ගනන් - ගනන් කෙරුවෙ අපි
රෑ කියන්නෙත් දවල් බවටම
විද්‍යාවත් ණයට අරං
අලූත් කල්පිත ගොඩ නග නග

බැරි උනා අපි කාටවත්
හිත හයිය කරගෙන තවරන්න
අපේම හුසුම වැටෙනා අකුරුවල
හිර කරල ඉන්න බව අපි
වෙන වෙනම ලෝකවල

සිකරට් දුම් උගුරක
මෙන්තෝල් සීතලට දැනුනා
අර රහසක පිලිස්සෙන සිසිලස

”මං ඇවිත් ගන්නං ඔයාට.
එතකං ගන්නෙපා අයියෙ...”
ගුඞ් මෝනිං පයිං ගෙනපු පනිවිඬේ
රූප විපරියාසයක් කළා
මා හද මූන
කළුංගිරියා කලූ පාටට ඇවිලෙන
විදුලි බුබුලක් බවට

රිහසල් වරද්දන
අර හොරෙන් බලන ඇස් දෙක
චලනය වෙන පොටෝ එකක්
ඇහිපිල්ලං ගහන
හීනයක රාමු කළ

ෆෝන් එකේමයි අපි තාම
විජාතික අකුරු වලින්
ඉකි සුසුම් ඉහ ඉහ..
යතුරු බොත්තං වල
බාල වෙන වේගයට බැන බැන

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails