Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දෙණියේ රඹ තුරු පත'තර
වියලි පත් ගලවා එකින් එක
නැමුණු කෙසෙල් කැන්වලට
බරු තියා සකසා මැනවින
ගම්මිරිස් වැල් පීර පීරා
හොඳම කරල් කඩමින
වත්තේ තැන තැන වැටුණ
කරාබු නැටි එක එක ඇහිඳ
ඉදුණු පැණි වරකයක්
ගස්ලබුවක්, පේරයක් අත රඳවගෙන
අම්මා නොවෙයි එන්නේ
තාත්තාය අර කන්ද බැසගෙන

නාඳුනන දුරු රටක
අඳුරු මූසල සැඳෑවක
බලුකපුටුවකුදු නැති
හිම සීත පාලු දුම්රිය පොළක
මිදුණු බංකුවක හිඳින සඳ
තුරකින් ගිලිහුණ
මහලු මේපල් පතක් තනි රකිද්දී
හදවතේ ඇමිනිලා ඇස් කොනෙන් වැටෙනවා
අප තියා කඳු මුදුනෙ
නුඹ කන්ද බැස්ස අරුමය

ඉස්සර දවසක වියුව
අපූරු පොල් අතු රටාවක
පුංචි පුංචි කරගැට
අම්මා අතෙත් අදත් නැතුවා නොවෙද
ගැලවූ කොහිල අලයක
ඇනුණ කටුවක සීරුමක්
පෑව පොඩි ලේ බිඳුවක්
මගෙ හිතේ තැවරිලා ඇයි තවම උණුහුමට

දෙල් හැදුණු දවස්වල යහමින්
තම්බා, පොල්ගා ලුණු මිරිස් හදා උණුවට
අපට පමණක්ම නොව
යාලු මිතුරන් සැමට
අඬගසා පොඩි බංකුවලට
බෙදූ බෙලෙක් පිඟානෙන්
නැගුණ හැටි පුංචි දුම් රැළි උඩට
අතින් අල්ලන් එඬේර මිරිස් සුවඳ
මතක් වී ඒ සැම සැනින
පිච්චෙන්නේ අම්මේ
එදා පිච්චුණ ඇඟිලි නොව
හිස් බව පිරුණ පපුවමය අද

අතොරක් නැතිව ඇහුණ
සියක් කටහඬවල් ගොළුව
හිටි එකම නැගණියද
කරකාර බැඳ ගිය සඳ පිට ගමට
මේස උඩ බිත්ති වල එල්ලෙන
රාමු කරගත් අපේ පැටිවිය
දෙස දෑස් දල්වමින්
මහගෙදර උළුවහු ජනෙල් වාගේම
ඔබ දෙදෙනත් බිඳක් නිහඬද අද
බලමින් මුහුණට මුහුණ
පිරිමහමින් වචන
නොනගා දෝංකාරය පපුතුරක

මහා ගන සැරට වැඩුණ
කපා එළි පෙහෙළි කළ නොහැකි
නිදිකුම්බ, කහඹිළිය ගාලකි දුරාතීතය
ඇනුණු ඇනුණු තැන පෑරෙන
ගෑවුණු ගෑවුණු තැන කසන
එනමුදු විටින් විට
වෙන් වෙන්ව දෙතැනක වුව
හදවතින් ගමන් අරඹා
ඇස්වලින් බිම වැටුණු කතාවක
කාඩ ඇඹුලට, තිත්තට
තිබුණේ එකම පෙරවදනක් නොවෙද
නෙල්ලියක සේ පසුව අම මිහිරක් දෙන.

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails