Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත- ප්‍රගීත්!!!

රෝස නටු කටු අතර මල් හොයන බඹරුනේ
මල් පැණින් මුව දොවන දත් මදින කොවුලනේ
හීන් දර කෝටු ගෙන පියාඹන ගිරවුනේ
කඳුළු දුටුවාද මේ පැටවුන්නෙ නෙත් කොණේ

මාන්දම වැළඳිලා නීතිපොත ගල්වෙලා
නීතියේ දෙව්දුවගෙ තරාදිය නැතිවෙලා
තාත්තා කිරට ගොස් ගෙදර එන මග බලා
අම්මලා එක්කලා ඉන්නවා ඈහැරිලා

ලේ උරා තළු මරන මදුරුවාටත් නොතල
මා පිලා නාගයා වෙතත් මෙත් සිත් පතල
මේ රටේ මේ අපිම නැණ දෙනෙත් අන්ධ කල
පණ නහමු වැරැද්දට පත් කඩක අකුරු කල

මෙහෙව් දූ පුතුන් සිත පිය උරුම අහිමි කල
මැවේවිද පෙම් සිහින පිපේවිද පෙම් කැකුල
ගගා අපි අපේ හිත් රවටවන පෙම් සිසිල
ආදරේ සුවඳ බිඳ සාගරේ බි‍ඳෙන රළ

කඩුව ගත් සිංහ අත් වන වනා සොලවලා
පෙරට යන මහතුනේ නොනැවතී කල්බලා
මහ ගසුත් උදුරලා කඳු කපා බිම හෙලා
තොපේ මිනිමරු අතින් තුත්තිරිත් වනසලා

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails