
පුලිට්සර් සම්මානලාභී ඇලිස් වෝකර්, සිය ලෝක ප්‍රකට නවකථාව: The Color Purple කෘතියෙහි ඉශ්රායෙල් මුශ්‍රණය සඳහා අවසර නොදීමට තීරණය කළාය. ඊශ්‍රායලය පලස්තීනුවන් අරභයා පවත්වාගෙන යනු ලබන හිංසාකාරී, සාපරාධී ප්රතිතිපත්තිය හෙළා දැකීම එහි ලා ඇය පොළඹවාලූ සාධකයයි. පොත පළ කිරීම සඳහා අවසර පැතූ Yediot Books ප්‍රකාශකයන් වෙත, 2012 ජූනි 12 දාතමින් ඇලිස් වෝකර් යැවූ සම්පූර්ණ ලිපිය "ඊශ්‍රායල් සංස්කෘතික සහ ශ්රාස්ත්රාලීය වර්ජනය සඳහා පලස්තීනු ව්‍යාපාරයේ" වෙබ් අඩවිය උපුටා දක්වා තිබේ. (කියවීමට මෙතනින් යන්න.)
1983 දී පුලිට්සර් සම්මාන දිනූ The Color Purple, 1985 දී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් එනමින්ම සිනමාවට නගන ලද අතර, 2005 දී ඒ ඇසුරින් තැනූ බ්‍රෝඩ්වේ සංගීතමය නාට්‍යයක් අද දක්වා ද රංග ගත කෙරෙයි. 1930 දශකයේ දී ඇමරිකානු සමාජය තුළ කළු ස්ත්රීන්ගේ ඉරණම පිළිබඳ ලෝකයට හඬ ගා කී මෙම කෘතිය, වර්ණභේදවාදය ආගම කර ගත් අන්තගාමීන්ගේ දැඩි විරෝධයට ලක් විය.

සුභ
සූකිරි කරන්ට්ස් | සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක් - [සුභ]
Posted by
BoondiOnLine
6.23.2012



