Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ඔහ්... !"

මට කියවුණේ එච්චරයි. ඊට පස්සෙ වචන ගළපා ගන්න හැදුවත්, කිසිවක් කියාගන්න බැරි තරමේ අසරණකමකුත්, බයකුත් මට දැණුනා. බිල්ලා මං ඉදිරියේ හිනා වෙවී හිටගෙන උන්නා. ඔහු ගල් ඒදණ්ඩ දිගේ ඇවිත් මං අසළින්ම වාඩි වෙලා මගේ කරට අතක් දා ගත්තා. නැගිට දිව යන්න හැදුවත්, මට නැගිට ගන්ඩවත් බෑ. කකුල් දෙකම හිරි වැටිලා. කෑගහන්න හැදුවත් කටෙන් සද්දයක් පිට වෙන්නෙ නෑ. මට මේ මොකද වෙන්න යන්නෙ... ඉක්මණට රුවන්වත් ආවොත්. මං බයෙන් ගැහි ගැහී කිසිවක් කරකියා ගත නොහැකිව ඔද්දල් වෙච්ච සිතින් අසරණව බලා සිටියා.

"බය ද?"
බිල්ලා හෙමින් ඇහුවා.

"හ්ම්.."
මං ඔළුව හෙළෙව්වා.

"ඇයි?"

"බිල්ලෙක් හින්දා.."

"කවුද කීවේ?"

"අම්මයි, කිරි අම්මයි, ඔක්කෝමලයි..."

"හ්ම්... , ඒකත් එහෙම ද?"

බිල්ලා හීන් හඬින් එහෙම කියලා, මගේ කර වටා තිබිච්චි එයාගෙ අත ආයෙම එයා ළඟට ගත්තා. මගේ බය චුට්ටක් තුනී වුණා.

"ඇයි ඔයා බිල්ලෙක් නෙවෙයි ද?"
මං ඇහුවා.

"නෑ.."

"එහෙනම් ඇයි ඔයා මගේ පස්සෙන් එළවන්නේ.. ?"

"මං ඔයාගේ තාත්තා හින්දා.... !"

[නෑ ඒ අම්මා නෙවෙයි - 2010]

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails