Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මව් පොළොව කොයිතරම් පියකරුද යාළුවේ
හැම කුසගිනි සෘතුවේ
කුරුල්ලන් සේ අප ඉගිල ගිය සමයේ
සුන්දර නටබුන් ය ශේෂ වී තිබෙන්නේ
මගේ සිතුවිලි මතක අහසේ....

භූ ගත වී ඇතත් මගේ නිදහස
කණගාටුවක් නෑ හදවතේ
පොළොව මතුපිට සරන මිතුරනේ
ලොවම පිබිදෙන දවස ආ විගස
නැවත හමුවෙමු ඉතින් පෙර ලෙසේ

නොපනත් ලොවට මා නොපෙනේ
එහෙත් මුළු ලෝකයම මට පෙනේ.....
මම දැන් සැඟවී සිටින්නෙමි
එහෙත් හැම අතම සැරිසරන්නෙමි
හිරු මඬල සේ
මගේ හදවත ඉතා උණුසුම්ය....
පොස්පරස් අංශුවක් වාගේ ම
මගේ හදවත දිලෙයි මා තුළම....

කුරුල්ලෙකු සිහිනෙනුත් දකින්නේ
ඈත නිල් අහසේ නිදහසේ
පියාපත් සලන්නයි
හැම දෙයම හදවතින් දකින්නයි...
ඒත්...
මගේ තටු පත් අතර
අභිරහස් ඝන යකඩ විලංගු ය
ඉදින් මට පෙර විලස
පියාඹා යනු බැරිය....
මා මිනිසුන් අතර සඟවමින්
අනේ මේ කළු අහස
මටත් බිය වූවාය....

කෙසේ වටහා දෙම් ද මිතුරනේ
නිරුවත් සීත ඝන අඳුර තුළ
අසිරිය
හැමතැනම මරණයේ සීතලය
ඒත් මේ හැම දේම සුන්දරය
ජීවයේ පන්නරය
තනිරකින මිතුරන්ය

භූ ගත ගරිල්ලෙක් සිටී නම්
-ඌ....
වේස ගෑනියකගේ පුතෙක් නම්,
ලොව ඇති උත්තම ප්‍රේමය ද
ලොව ඇති දරුණුතම වෛරය ද
තිබෙන්නේ ඒ රහස් හදවතේය
මිනී මස් බුදින දඩ වැද්දන්ට
ඒ දෑස්... ඒ දෑත්... ඒ හඬ ද
සිහිනෙනුත් මරණ බිය ළඟාකර වන්නේය....

[චන්ද්‍ර කුමාර වික්‍රමරත්න නමින් මුද්‍රිත අකුරෙන් පළ වූ අවසන් කවි පෙළ.]

චන්ද්‍රකුමාර වික්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails