Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සංසාරේ පුරුද්දට
වස්සානේ ඇවිද්දුව
හන්තානේ පාමුල දි
ඇසට ඇස ඇමිණුව

අවසන් ඉඟිය ඇස් මතින් දී
අවසන් කවියක පද පේලි අතර සැඟවී
අවසන් සුසුම ළයට පොදි බැඳ දී
අවසන දී ඈ ගියා ය...

මන්දාරම් අහස් කුස අසල
නින්නාද දෙන විහඟුන් පවා ගල්ව
එකම එක් ඇසිල්ලක් නොසෙල්වී උන්හ
ගලහ පාරෙන් ඇය බොඳව යන තුරුම

මැයි මාසයේ මුලදි ගැබ්බරව
මල් වැසි වලින් දෝවන
මැයි මාසේ අගදි බිම හෙලුව
කහපාට මල් වැස්ම මත
සලකුණුව තිබුණි
ඇය නික්ම ගිය වග

සිහිල් සුළඟක් පැමිණ
මල් පාවඩය රැගෙන
ගියේ යන්නට ම
ඇගේ අවසන් සළකුණු ද රැගෙන

රිදුමක සළකුණුය හදවතේ
ඉකියක් සිරව ඇත ළය මතේ
කඳුළක් පුපුරවා ඇස් කොනේ
අවසන දී ඇය නික්ම ගියා ය

ක්‍රිශාන් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails