Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී
සිත් පහන් කරනා.

නියඟලා කැකුළිය නුඹයි
මසිත ගිනි තබනා.
ජීවිතය කෙතරම් සොඳුරු දැයි,
සදා කල්හි ම දිවි ගෙවන්නට
සඳටම ළගින් හිඳ
සිතවනා.

නාරිලතා කැකුළයි නුඹ.
මා දැහැන බිඳිනා ලියතඹරය නුඹ.
රෝස පොහොට්ටුවක් මම මුවින් දරා
නිලිපුල් ඇස දරා
මඩෙන් මතුවී මඩ නොතැවරී
මඩෙහි පිපුණු සියපතයි නුඹ.

ගලක් වන්නට සැදුවද
මලක්මය නුඹ.
උදෑසන බොල් පින්නේ
කෝපි මල් අහුරකි.

මංමුලා වැල් පෑගී සසර කතරෙහි
සැරිසරනා සඳ
දුහුලු මලක් මා දුටුවා පාවී එනු.
නා මල් සුවඳින් මත් වී මා නිඳි පත්වී.
නගා මැරූ අල වැලක් ඇත මා අසළ.

එක් රැයක යහනින් නැඟුණා
වෙරලු මල් සුවඳක්.

දිටිමි මං බාඳුරා මලක
සිරවුනු පුංචි කුරුමිණියෙක්.
"කුරුමිණියා වන්නට ඇත්නම්"
මට සිතුනා.

අනේ නංගියෝ මං
මල් වත්තක අතරමං වෙලා
මන් දන්නෑ එළියට යන්නේ කොහෙන්දැයි.

-නගා මැරූ අල [Poems, Non-Poems and Anti-Poems] - 2000

කේ.කේ. සමන් කුමාර [සර්පයා]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails