Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[චෝදනා නැතිව, අවුරුදු නවයක් කූඩුකර, දේශපාලන රැඳවි ජීවිතේ ගෙවන, තිරුමගල් නැඟෙණිය ඇතුළු සියලුම දෙමළ සහෝදර සහෝදරියන් වෙනුවෙනි.]

පුංචිම පුංචි කාලේ
අහිමි වූ නැඟෙණියක්
සිහිවුණා ඇහුවාම
නුඹ ගැන....
තිරුමගල් නංගියේ

උඹලාව කූඩුකරවන්නට
හිතාගෙන ලියුවේ නැතත්
කූඩුවේ හිටි අපි
ලියූ දේ ඇවිළී
අද උඹලා මෙන්ම
අපිත් පිච්චි පිච්චී
දැවෙනවා නංගියේ

පිටතත් ගිනි
ඇතුළතත් ගිනි
පිටතින්.....
අපි ලියූ අකුරු
පුච්චා නළලේ අළු ගා
කෝවිලට අරක්ගත්
හොර පූසාරිගේ දුම්මල වරම

ඇතුළතින්
උඹලා කූඩුකර
උඹලගෙත් අපෙත්
හිත්වල ඇවිළවූ ගින්දර

ඊටත් වැඩියි
සියොළඟ දවයි
ලියූ අකුරු ගැන
පශ්චාත්තාපය

නොහැකියි ගිනි නිවන්නට
දැන් ඉතින්...
නිවී සැනසිය නොහැක
ඇවිළ යන අපේ ගිනි
තව තවත් අවුළුවා
නුඹත් අපත් පෙළන
ගිනිගත් ලෝකය
අවසානයක් කළයුතුය

දැවේවා, අළු ධූලි විය යුතු සියල්ල
දැවේවා, නුඹලා කූඩු කළවුන්
දැවේවා, අපේ හදවත් ගිනි තැබූ උන්

චන්දන සිරිමල්වත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails