
විඩාබර හවසක
ඇවිද්දෙමි
කොළඹ උයනක
තණ පිඩැලි
අතර මැද
සීරුවට ඇතිරූ
සිමෙන්ති ගල් මත….
විලෝ ගස් වටකොට
බැඳි සොඳුරු බැමි මත
අසුන් ගනු සිතුනිද
වැළකුණෙමි දුටුවිට
අවසර නොමැති බව…
පුරුද්දට අත රැඳුණු
දුම්වැටි දුමට
තිබුණි වැට බැඳ
මහ තැනක අණ පරිදි…
තැන තැන තබා ඇති
බංකු මත
නැත පෙම්වත්තු
සිහිල් සුව විඳිති
සැදැහැවත් සිල්වත්තු…
පෑගීම තහනම් තණකොළ
ඇල්ලීම තහනම් මල් පැල
දිය නෑම තහනම්
ගී කීම තහනම්
නිකරුනේ ගැවසීම
කොහොමටත් තහනම්
ඇස් දෙකට දකින්නට
කොළඹ නම් මනරම්
කෞශල්‍ය පතිරණ



