Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහා පුස්තකයක් ජනගත කිරීම වෙනුවෙන් පැවැත්වෙන මහා මංගල්‍යයක් පිළිබඳව කෙරුණ අඬහැරයක් ගුවන් විදුලියෙන් ඇසීමෙනුත් පුවත්පත් සහ රූපවාහිනීය ඔස්සේ දැකීමෙනුත් අමන්දානන්දයට පත්වීමි. එම උත්සවයට ආරාධනා කරමින් එවූ ආරාධනා පත‍්‍රය දැකීමෙන් අලුත් දෙයක් කරන්නට දරන උත්සාහයක්යැයි සිතා මගේ සතුට දෙගුණ තෙගුණවිය.

මෙම පුස්තකය නම් එසේ මෙසේ පුස්තකයක් නොවනු ඇත. අඬහැරයේ තරමට සියල්ල සිදුවන බවට නම් සැකයක් නැත. මේ පුස්තකයේ රචකයා එසේ මෙසේ කෙනෙක් නොවේ. සරසවියක ජනසංනිවේදන අංශයක අංශාධිපතිවරයෙකි. සංනිවේදනයට අරක්ගත් මහේශාක්‍ය මහැදුරෙකි. අග‍්‍රාමාත්‍යතුමකුගේ මාධ්‍ය උපදේශක ලෙසද කටයුතු කළ තැනැත්තෙකි. රූපවාහිනී ගුවන්විදුලි ආයතනවල සහ තවත් ආයතනවල මහ පුටු හෙබවු තැනැත්තෙකි. ඒවායේදි ඔහුගේ කාර්යසාධනය ගැන නම් කිසිවෙක් නොවිමසත්වා! ඉදින් ඔහු වැන්නකු විසින් රචනා කරන ලද පුස්තකය මහාර්ඝ පුස්තක රත්නයක් වන බවට කවර නම් සැකයක්ද?

එම පුස්තකය පිළිබඳව පලවූ තොරතුරුවලට අනුව නම් එම මහැදුරා පුවත්පතකට ලියූ තීරු ලිපි අතරින් තෝරාගත් තීරු ලිපි කිපයක එකතුවකි. එකවරම මට සිහිපත්වූයේ මානවසිංහයන්ගේ වගතුග තීරු ලිපියයිග දයාසේන ගුණසිංහයන්ගේ උකුස්සා තීරු ලිපියයිග ඇත්තේ සිරාගේ කතුවැකියයි. සුන්දර නිහතමානිගේ මානිගේ තීරුවයි. එම තීරු ලිපිවලින් කාලීන වැදගත්කමින් යුත් බොහෝ දේ සාකච්ඡුාවලට බඳුන් කළ බව මට සිහිපත්වේ. එපමණක්ද ? සමහර තීරු ලිපි සර්වකාලීන වැදගත්කමින් යුත් ඒවා විය. ඒවා අදටත් රස විඳිය හැකිය. අදටත් ගැළපේ. මේ මහැදුරුතුමාගේ තීරු ලිපි සංග‍්‍රහය ඒ සියල්ල අභිබවා යන බව නම් සහතිකය.

මේ සියලු මතකයන් අවදි කරමින් මම මහත් උද්යෝගයෙන් යුතුව මහැදුරුතුමන්ගේ තීරු ලිපි එකතුවේ පිටපතක් මිලට ගතිමි. පැණි වළලු නම්වු එහි පිටපතක මිල රුපියල් හාරසිය පණහක්ම විය.

පැණි වළලු අනුභව කරන්නට පටන් ගතිමි. එහි වූ හඩු බසින් වහනය වූයේ දුර්ගන්ධයකි. වියරණ සහිතව වාක්‍යයක් ගළපා ගත නොහැකි විට කටවහරින් ලියා තමන්ගේ සෙළුව වසා ගන්නා බවට පවත්නා කටකතාව සත්‍යයක් බව නම් පසක්වූයේ මේ පුස්තක රත්නය කියවද්දීය.

එහි අඩංගුවූයේ මහැදුරුතුමාගේ පෞද්ගලික අත්දැකීම් ගොන්නකි. ඒ අතරින් තාත්තා ගැන ලියැවුන ලිපිය මගේ අවධානය දිනාගත්තේ ඒ තාත්තා ගැනත් මා දැන සිටි බැවිනි. තාත්තාගේ ගුණ වැයීම අතිජාත පුත‍්‍රයකුගේ යුතුකමකි. මහදුරු පුතා ඒ යුතුකම ඉටුකොට ඇත.

මගේ මතකය විදුලි කෙටුවේයග බෝධිපුජා චක‍්‍රවර්ති දිසානායකයන් මා ඉදිරියේ පෙනී සිටියේය. බෝධි පූජා සියගණනක් (කුලියට) පවත්වා අධර්මිෂඨ පාලකයන්ට සෙත්පැතු දිසානායක දෑඟිලි බැඳගෙන මා ඉදිරියේ නැවතත් පෙනී සිටියේය කෙතරම් බෝධි පූජා තිබ්බත් ඔහුගේ මළගමට එකම දෙවියෙක්වත් බඹෙක්වත් නොවැඩි සේක. එහෙම නම් මහැදුරු පුත‍්‍ර රත්නය ? ඔහු මළ ගෙදර බර කරට ගෙන ඇති බැවින් අමුත්තන් ඉදිරියට එන්නටවත් කාලයක් ඉතිරි වී නැතැයි මම සැක කළෙමි. මම දොරමුල්ලේ, ලිප් බොක්කේ, ඇඳ යට ( ඔහු නිතරම සිටිනා) ඇතුලු සෑම අස්සක් මුල්ලක් නෑරම අතිජාත පුත‍්‍රයාව සෙව්වෙමි. මහැදුරු ප‍්‍රත‍්‍ර රත්නය බෝධි පූජා පියාගේ මළගමේ පැත්ත පළතකවත් නැත.

නැතග ඔබ වැරදියි. මගේ මිත‍්‍රයකුගෙන් කියැවිණ. හාමුදුරුවරු පාංශකුළය දෙන ආකාරය දෙස බියර් වීදුරුවක් තොලගාමින් අසල්වැසි නිවසක උඩු මහලේ සිට අතිජාත පුත‍්‍රයා නරඔන ආකරය ඔබ නුදුටුවේද ? සැබවින්ම මගේ මිත‍්‍රයා පෙන්වා දෙන තෙක්ම මම ඒ බව නොදුටුවෙමි.

මේ ඒ තීරු ලිපි පොතේ ඇති එක් කාරණයක් ගැන පමණක් පිළිබඳ තොරතුරුයි.

තීරු ලිපියක් ලිවිය යුත්තේ කාලීන වැදගත්කමින් යුත් පාඨක ප‍්‍රජාවට ප‍්‍රයෝජනවත්වන කාරණා පිළිබඳව බව මහදුරුතුමාට කියා දීමට සිදුව ඇත්තේ අපට වීම කෙතරම් කණගාටුදායකද ? තමන්ගේ පම්පෝරිය කියන පල්හෑලි ටිකක් තීරු ලිපියක් ලෙස පුවත්පතකට ලියා කඩදාසි අපතේ යවමින් එය පොතක් වශයෙන් මුද‍්‍ර‍්‍රණය කර රවටන්නට හදන්නේ කාවද ?

සරසවි සිසුන්ට සංනිවේදන උගන්වන අංශයක අංශාධිපතිගේ නිර්මාණ කෞශල්‍යය මෙබඳු නම් සිසුන්ට යන කල දසාව ගැන කවර කතාද ?

පොත දොරට වැඞීම පිළිබඳව මට ඇසුනේ අඬහැරයක් යැයි මුලදී සිතුනත් පොත කියවා අවසානවන විට එය තප්පුලෑමක් බව වැටහිණ. තප්පුලන්නේ කවුද යන්න පිළිබඳව අමුතුවෙන් කිව යුතුද ?

පවිත්‍රා මඩවල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails