
හැන්දෑ සුළඟක් වගේ
සැරිසරනවා ඔබේ මතකය මා වටේ
අඳුරු අහුමුලු සහිත
වියලි සීතලකි ඇත්තේ ඒ තුළ
අමතකයෙ මායිම ළඟ තබා බොහොමයක් මතක
දවසින් දවස කාලය
තල්ලු කරනවා මා අනාගතය දෙසට
දැන්,
මහා දුකක් නැති නමුත්
ගෝලාකාර ආකාසයේ
ඉඳහිට පැතිර යන ලා විදුලි එළි වගේ
තවමත්
සැරිසරනවා ඔබේ මතකය මා වටේ.
දමිත් උදයංග දහනායක



