
නොගැඹුරු දියට බැස විමසන්න
ගැඹුරට දුරට එතෙරට යන්න
වෙරළත කුමන ඵල පිහිනන්න
ක්ෂිතිජය ඉවුර නොව දැනගන්න
දම් සුරකිම්ද සුරැකෙමු ඉන්ම
ඉදින් ළතැවෙම්ද එතෙරට යම්ද
හදින් විමසන්න හොඳින් කන් දෙන්න
මගින් නවතින්න නොහැක දැනගන්න
සියල් අප කළද මුළාවකි අපද
දැනන් නුඹ එන්න අඳුර බිඳලන්න
නොමින් නැඟ යන්න නොනිම් දුක් කන්ද
වෙරෙන් නැහැ ලාබ වැරෙන් මිස නොමඳ
දැනන් නුඹ එන්න අඳුර බිඳලන්න
දැනන් නුඹ එන්න අඳුර බිඳලන්න
ඉසුරු අබේසේකර



