Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



“එම්බා හොර!

රක්ෂිත මේ වනේ
සැරිසරන
තනි මුවා ඩැහැගන්ට
තව ම බැරි වුණිද තොපට.

ඒ තරුණ මිග
මහා අවාසනාවන්තය.

ගල්කටස් දුන්න දකින කල හැමදාම
මැරි මැරී යන බැවිනි.

ඒ තරුණ මිග
මහා වාසනාවන්තය.

මැරි මැරී වුව
යළිත් උපදින බැවිනි.
තව ම ජීවත් වන බැවිනි.”

ගිරෙන් ගිරට පැන පැන
පෙරළි පෙරළී දුවන කොට හොරු
මහන්සිය
පෙණහලුවලින් භාගයක්
කඩාගයි.
මිහින්තලා ගල පාමුල
මිහිදුහිමි පිළිරුව
මහා කරුණාවෙන් වැඩහිඳියි.
ඒ ශුද්ධ බිම නැවතිලා
හති අරින කොට ඇදවැටී හොරු
සිසිල් පැන් දෝතක් පෑ සේක
උන් වහන්සේ.
දකුණු අත දිගු කර
යාන්තමට හිස අතගෑ සේක.
අසල්වැසි වරදකරුට
ප්‍රේම කළ සේක.
සමාව දුන්සේක.

“අපේ හිමියනි,
‘හොරා හොරා’යැයි
අමතන්න මට.
එපා අඹ ගහක් ගැන
නෑදෑයින් ගැන
ප්‍රශ්න අහන්ට.
කුසගින්න
විෂ ඊතල විදින කොට බඩට
අමතකව යයි සද්ධර්මය.

කම්කරුවන්ගේ
අයිතිවාසිකම් අඹ ගස්
කපන්නට එපා කියමින්
වනය රැකුමට ගිය හෙයින්
රස්සාවෙන් දොට්ට දැම්ම
රජෙක්මි මම
තිස්ස යැයි නම් ලද!

හිමියනි කරුණාවෙන්
මෙවර මගේ පැනයට පිළිතුරු දෙනු මැන.
මෙතැනින් පැන දිවූ ඒ තනි මුවා
මැරි මැරී උපදින
මම ම නොවේ දැයි කියා දෙනු මැන.

මද විවේක ග්ලූකෝස් කා
නැගිටලා මං යළිත් දුවන කොට
එපා ‘තිස්ස තිස්ස නවතින්ට’යැයි කියන්ට
පොඩි එවුන් හඬන කල ගෙදර
නටඹුන් හැළිවළං ළඟ නටඹුන් ව
මට තවත් නවතින්ට නම් බැරිය.”

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails