Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[රියෝ ද ජැනීරෝ - මාර්තු 2003] 70 දශකයේ ප්‍රකාශයට පත් වූ අර්වින් වොලස් ගේ "සෙවන් මිනිට්ස්" නම් කෘතියෙන් "ඉලෙවන් මිනිට්ස්" යන්න පැනනැගුණි. ලිංගිකත්වය පිළිබඳ සමීප දැක්මක් සහිත අලෙවි වාර්තා තැබූ වොලස් ගේ මෙම කෘතිය දිගුකාලීන නීතිමය සටනකින් අනතුරුව තහනම් කරන ලදී. විශේෂයෙන් ලිංගික ක්‍රියාවලියට ගතවන කාලය සාමාන්‍යයෙන් මිනිත්තු හතක්වන බව එහි දක්වා තිබේ. මෙසේ තහනමට ලක් වූ කෘතිය කිසිම දිනෙක යළි ප්‍රකාශයට පත් නොවුනත්, එහි අන්තර්ගතය පිළිබඳ පුබුදු වූ පරිකල්පනයෙන් යුතුව කෙදිනක හෝ එවැන්නක් ලියන්නට කොයියෝ අදිටන් කළේය. වොලස්ගේ මූලික අදහස අත්හල කොයියෝ එහි ප්‍රස්තුත විෂයයත් 'සෙවන් මිනිට්ස්' යන නමත් ස්වකීය නව කෘතිය සඳහා උත්තේජකයක් ලෙස ඉවහල් කර ගත්තේය. (වොලස් ගේ මූලික කාල නිර්ණය වඩා සංස්ථීතික ලෙස සලකා පසුව කොයියෝ විසින් එය 'මිනිත්තු එකොළහ' ලෙස නම් කෙරිණි!) ඒ අනුව, 'මිනිත්තු එකොළහ' යනු හදවතේ බැඳීමට අනුව කායික තෘප්තියේ සංගත වීම සහ විඝටනය පිළිබඳ කතා කිරීමට දැරූ ප්‍රයත්නයකි.

1999 වසරේ ඉතාලියේ පැවති හමුවකින් පසු, කොයියෝ තමා නැවති හුන් හෝටලය බලා ගියේ එතෙක් තමා වෙනුවෙන් සූදානම් කර තැබුණු අත්පිටපතක් සොයන්නටය. එය යුරෝපයේ තම ජීවිතය ගෙවමින් හුන් සෝනියා නම් බ්‍රසීලියානු ගණිකාවකගේ කතාවයි. කතාව ඔහු සිත් ගත්තේය. ඒ අනුව වසර තුනකට පසු කොයියෝට අවසානයේ ඇයව සූරිච් හිදී මුනගැසෙන්නට හැකි වුණි. ඇය විසින් ඔහුව 'රතු එළි දිස්ත්‍රික්කය' - ලැංග්ස්ට්‍රස් වෙත කැඳවාගෙන යාමෙන් පසු එම ගමන ඉතා සුවිශේෂි අසාමාන්‍ය එකක් බවට පෙරළමින් අවසන් වූයේ ඔහු තම අත්සන යෙදූ පොත් කිහිපයක් සෝනියාගේ සගයන්ට බෙදා දෙමිනි. මෙය කිසියම් පුවත්පත් සාකාච්ඡාවක් ඔස්සේ සැලවීමෙන් අනතුරුව, වෙනත් ජාතික ගණිකාවන් කිහිප දෙනෙකුම තවත් අත්පිටපත් කිහිපයක් ජීනීවාහි පැවති පොත් අත්සන් තැබීමෙ උළෙලකදී ඔහුට ලබා දුන්නේය. පසුව ඔහුට, මාරියා, ඇමී, වැනෙසා සහ තවත් අය මුන ගැසිණි. මේ සියළු හමුවීම් වලින් පසුව 'මිනිත්තු එකොළහේ' මූලික තේමාව සහ එහි ප්‍රධාන චරිතය පැන නැගිණි.

[-මොන්ත්සේ බැලෙස්ටරස් විසින් පෘතුගීසි බසින් පරිවර්තනය කරන ලද හැඳින්වීම.]

[පාවුලෝ කොයියෝ, හාපර් කොලින්ස් ප්‍රකාශකයන් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාව-]

"මිනිත්තු එකොළහේ" කේන්ද්‍රීය අදහස මොකක්ද?

අපි ජීවත් වෙන්නේ සියළු දේ පූර්ව නිශ්චය වූ ලෝකයක. හැසිරීම්, සුන්දරත්වය, ගුණාංග, දැනුම, බුද්ධිය සහ ක්‍රියාශූරත්වය යන සියළු දේ ඊට ඇතුලත්. අපි විශ්වාස කරනව හැමදේකටම ප්‍රමිතියක් තියෙනවා කියලා. ඒ වගේම මේ සම්මත ප්‍රමිතීන් හි ඇලීම තුල අපේ ජීවිත ආරක්ෂිත වෙනව කියලා. මේ නිසාම "ප්‍රමිතිකරණය වූ ලිංගිකත්වයක්" වැනි දෙයක් අපි නිර්මාණය කරගෙන තියෙනවා. යෝනි සුරතාන්තය, සියල්ලන්ට වඩා වැඩි පුරුෂ ශක්තිය, සහකාරිය හො සහකරුගේ බලාපොරොත්තු කඩ වීම වෙනුවෙන් බොරු මවා පෑම් කිරීම ආදි වශයෙන්, ඇත්තෙන්ම බොරු වැලක් මිස කිසිවක්ම නැති, මේ ව්‍යාජ පූර්ව නිශ්චයන්ගේ සෘජු ප්‍රතිඵලයක් විදිහට, මිලියන ගණනක් මිනිස්සු ඉච්ඡා භංගත්වයටත්, කළකිරීමටත් වරදකාරි බවටත් පත් වෙනවා. උදහරණයක් විදියට ලිංගික දූෂණ, ළමා අපචාර, වෙනත් ව්‍යාභිචාර වැනි විකෘති චර්යාවන් මතු වීම දක්වා මෙහි මූලයන් දිවෙනවා. මේ තරම් වැදගත් දෙයක් සමග මෙ ආකාරයෙන් අපි හැසිරෙන්නෙ ඇයි?



කතාවෙහි "මාරියා" කොතරම් දුරකට "සැබෑ මාරියා" වෙනවද? ඇයව කොතරම් ප්‍රමාණයකට කතාව තුල හමුවෙනවාද?

මාරියා කියන්නෙ සැබෑ චරිතයක්. ඇය මේ වන විට විවාහකයි. දරුවන් දෙදෙනෙක් ඉන්නව. කොහොම වුනත්, මේ පොත සරලවම ඇගේ චරිතාපදානය නොවෙයි. මොකද මම ඊට සමානුපාතික වෙනත් මූලයන් භාවිතයට ගන්නට උත්සහ දරා තිබෙන නිසා. මං හිතනව, ඈ ඇගේ කතාව මේ පොතේ දිවෙන කතාන්තරය තුල සමස්තයක් ලෙස හඳුනා ගනීවි. ඒත් මගෙ චරිතය මුහුන දුන් සියළු තත්වයන්ට අත්‍යවශ්‍යයෙන්ම ඇය මුහුණ දීලා නෑ.

ඇය "මිනිත්තු එකොලහ" කියවල තියෙනවද?

ඇය පළමුවෙනි අත් පිට පත කියෙවුවා. ඒ 2002 කේ ඔක්තෝබර් වල. ඇයට තේරුණා, මේ පොත විවිධ මිනිසුන්ගේ සම්මිශ්‍රණයන්ගේ එකතුවක් බව. ඒ වගෙම මං ඇයට පැහැදිලි කළා මගේ නිශ්චිත අරමුණ මෙය බව. ඇයට ඕනෑ වුනා පොතේ දිනපොත් සටහන් තබන්නේ කවුද කියලා දැන ගන්නට. ඒ වගේම ඇය කියා සිටියා තමාට එය කළ හැකි වූවා නම් ඇය ඒ ගැන සතුටට පත් වන බව. ප්‍රධාන පිරිමි චරිතයේ වයස වෙනස් කරන්නට යැයි ඇය ඉල්ලීමක් කළා. මං එකඟ වුණා. මොකද ඔහු පොතේ සඳහන් චරිතයට වඩා බොහෝ වැඩිමහලු කෙනෙක්.

ස්විට්සර්ලන්තයේ ගණිකා වෘත්තියේ නියැලී සිටින විදෙස් ගණිකාවන් හමුවීම කියන කාරණයත් එක්ක ඔබ මූලිකව අපෙක්ෂාකළ ආකාරයෙන් පොත බොහෝ වෙනස් මගක් ගත්තාද?

ලිංගිකත්වය පිළිබඳ යමක් ලිවීම බොහො කාලයක සිට මගේ හිත තුල පැවතුණු දෙයක්. ඒත් මට ඊට නියම ප්‍රවේශය හමුවෙලා තිබුනේ නෑ. එපමණක් නෙවෙයි, හැම පොතකම ආකෘතික සැලසුම් වර්ධනය පහදා දිය නොහැකි දෙයක්. මුලින්ම එය මගේ උපවිඥානයේ ලියවුනාට පස්සෙ තමයි පොතේ අන්තර්ගතය ලෙස මතු වෙන්නේ. සමහරවිට ලිංගිකත්වය පිළිබඳ ලියන්නට දැරූ මගේ අනෙක් උත්සහයන් වලදී මගේ ඒකායන අරමුණ වුණේ එහි පූජනීය ස්වභාවය සමග පමණක් ගණුදෙනු කිරීමයි. යතාර්ථය ඊට වඩා හුඟක් වෙනස්. ඒත් ප්‍රශ්නය විසඳු ආකාරය ගැන මම හුඟක් සතුටු වෙනවා.

බ්‍රසීලයේ ඈත ගම්මාන වල සිට විශාල නගර වලට ඇවිත්, විදෙස්ගත් වී ගණිකාවන් ලෙස කටයුතු කරන බ්‍රසිලීයානු කාන්තාන් සිය ගණනක් මාරියාගේ කතාව බෙදා හදා ගන්නවා. මේ කණගාටුදායක පරාවක්‍රයේ සහ වන්දනාවේ ගමන් මග අතර සමාන කමක් තියෙනවද?

මගේ පොත ගණිකා වෘත්තිය පිලිබඳ අධ්‍යනයක් නොවෙයි. කිසිම විදියක සදාචාරත්මක පෙන්වාදීමක් කිරීමත් මෙහි ප්‍රධාන චරිතය විසින් කෙරෙන තෝරාගැනීම පිළිබඳ විනිශ්චයන් කිරීමත් වැලක්වීමට මම උත්සහ කරලා තියෙනවා. ඇත්තටම මට වැදගත්ම කාරණය වෙන්නෙ මිනිස්සු ලිංගිකව එකිනෙකාට බද්ධ වෙන්නෙ කොහොමද කියන එකයි. හැමවිටම වගේ මගේ අරමුණ වුණේ, මතුපිට නොගැඹුරු දේ අත පත ගෑම වෙනුවට අවංකව ඒ ගැන ලිවීමයි.

සන්තියාගෝ තෙක් දිවෙන මාර්ගය පිළිබඳ පොතේ ඔබ සඳහන් කිරීමේ ඇති වැදගත්කම මොකද්ද? ඇය ඒ පිළිබඳ කිසිවක් නොදැන සිටියත්, එවැනි වන්දනා මාර්ගයකදී මාරියාට රැල්ෆ් මුනගැසීමේ සුවිශේෂි වැදගත්කමක් තිබේද?



මේ සන්තියාගෝ තෙක් දිවෙන මාර්ගය සැලකුවොත් එහි යථාර්ථවාදී පැත්තක් තියෙනවා. ඇත්තටම ජිනීවා පසු කර යන විට එහි සංකේතාත්මක පැත්තකුත් තියෙනවා. මක් නිසාද යත් එම මොහොතේ පටන් මාරියාගේ ගත සහ සිත යන දෙකම ඒකාත්මික වෙන්න පටන් ගන්නවා ආදරය නිසා.

ඔබේ පොතේ ප්‍රධාන චරිතය ගණිකාවක වීම නිසා ඔබේ පොත් වලට සාර්ථක ලෙස ප්‍රතිචාර හිමි වූ ඉරානය, වැනි මුස්ලිම් රටවල් හි කිසියම් ආන්දෝලනයක් ඇති වෙයි කියලා ඔබ හිතනවද?

මම ලියන්න පටන් ගන්නකොට මේ කිසිවක් සිතන්නේ නෑ. මං හිතන්නේ මම කොයිතරම් දුරට මට අවංක වෙනවද කියන එක විතරයි.

පිදුමෙදි ඔබ සඳහන් කරනවා මෙබන්දක්. "සමහරක් පොත් පාඨකයා යථාර්ථය හා මුහුනට මුහුන හමුවෙන කොට සමහරක් පොත් පාඨකයාට සිහින දකින්නට සලස්වනවා." කියන එක. මෙය කිසියම් විදියක අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්ද?

පිදුම කොහෙත්ම අනතුරු ඇඟවීමක් නෙමෙයි. ඒක පෞද්ගලික ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මට ලියන්නට් තිබෙන්නෙ මා සතුටට පත් කරන මාතෘකා ගැන මිසක් අනෙක් අයට කියවන්නට ඕනෑ කියල හිතන දේවල් නොවෙයි. ඔව්නුට දැනුනොත් මං ලියූ සියළුම පොත් වල කිසියම් සූත්‍රයක් තිබෙනව යැයි, ඔවුන් වහා ඒවා කියවීම නවතා දමාවි. මං ලියන්නට යන්නේ කුමක් ගැනද කියන දේ විසින් හැමවිටම මා පුදුමයට පත් කරනු ලබනවා. ඒක තමයි මගේ පොත් වලට ජීවිතය දෙන්නෙත්.

මෙම කෘතිය රුවිනි තල්පාවිල විසින් "මිනිත්තු එකොළහේ කතාව" නමින් පරිවර්තනය කොට ඇත. විදර්ශන ප්‍රකාශනයකි.
පරිවර්තනය - හිමේන්ද්‍රි කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails