Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සියල්ල තිබිණි නිසොල්මන්ව මේ උද්‍යානයේ
පවසන තුරුම සැඩ පවන, තැතිගත් දූතයකු ලෙසින
දුෂ්ඨ අධිපතියා එන බව.
දෙඞීය දුක් වේදනාවෙන් තුරු අතු පතර,
මතකද ඔබට ඒ බියකරු කුණාටුවේ තරම?

බියෙන් විපිළසරව වුව මල් පිපී පිරිනැමී
මල් පොකුරු නපුරු අධිපතියාට;
කඩා වැටෙන තරු සදිසි රැස් විහිදවී කිරුළ
කුණාටුව පැමිණි සඳ බියපත්ව හැඬූ අතු පතර සේ
හඬා වැටුණෙමු වේදනාවෙන්, ඇද වැටෙමින් අපිදු
අදිසි කගපත් පහර වැද.

කැපී වෙන් වූ අපේ අත් පා ගසාගෙන ගියද වැසි දිය
රැඳී තිබුණේය නොසැළී අපේ රුධිරය;
තාප්ප බිත්ති මත තරවැ ඇලී
ගස් කඳන් මත ලාටු මැලියම් විලස.

(නයිජීරියානු කිවි ම්බෙලා සොනෙ දිපොකො විසින් රචිත PAIN නමැති කාව්‍ය නිර්මාණය ඇසුරිනි)

ම්බෙලා සොනෙ දිපොකො (1936-2009)

වර්ෂ 1936 දී කැමරූන්හි දවුආලා ප‍්‍රදේශයේ උපත ලැබූ ම්බෙලා සොනෙ දිපොකො හැදී වැඩුණේ බටහිර කැමරූනයේ සහ නයිජීරියාවේය. කලක් නයිජීරියානු ගුවන් විදුලි සංස්ථාව් ද සේවය කළ ඔහු, ඉන් අනතුරුව පැරීසියට ගියේය. වර්ෂ 1960 සිට ඔහු ජීවත් වූයේ පැරීසියේය. නවකතා දෙකක් ද, BLACK AND WHITE IN LOVE නමින් කාව්‍ය සංග‍්‍රහයක් ද ඔහු විසින් ලියා පළ කරනු ලැබිණි.

ම්බෙලා සොනෙ දිපොකො
පරිවර්තනය - අජිත් නිශාන්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails