
(රත්න ශ්‍රී විජේසිංහ ජනරළ පුවත්පතට කවියක් ලියා ඇත: 'හොඳම දේ දරුවන්ට')
හොඳම දේ දරුවන්ටමයි රත්නේ
ඒ ගැන කිසි පරහක් නැත්තේ
කැකුළු මල් කළු බඹරු තළන අරුමේ
මේ දැන්දෝ දුටුවේ ගාලු කොටුවේ රත්නේ
ශිව ලිංගමද තවම හීනෙන් පෙනෙන්නේ
සෙවල පෙරනා කෙසර ලිංඟ නැතිවද දකින්නේ
කෝනේෂ්වරීගේ හඬ කවදද රත්නෙට ඇසෙන්නේ
එහෙව් රටක කොහොමද රත්නේ
හොඳම දේ දරුවනට දෙන්නේ
පිරිත් පැන් වඩන විට සඟුන්
රත්නේ ලිව්වා මතකද
ආයුරක්ඛන්තු ආවඩන්
ඒ මහා පිරිත් පැන් බලෙන්
රත්නෙගේ ආයුෂත් අරන්
රණවිරු පෑ බලෙන්
උතුරේ මල් මිලින වුනිද මොන තරම්
උතුරේ රැඟූ බඹරු දැන්
දකුණේ රත්නේ
දකුණේ මල් තලන විට
ඇහැරෙයි රත්නෙගේ කවි වරුණේ
කල්වාරියේ කන්ඳ මුදුනටම එන්න රත්නේ හැකිනං
යෝධ බල පැතූ මහා රණවිරු සෙනඟත් අරං
වෙඩ්ඩා තැනූ ලිඟු මාලය අත දරං
පළදන්න මම ඉන්නවා කන්ද මුදුනේ මඟ බලං
ක්‍රිශාන් රාජපක්ෂ



