
වින්ධ්යා බැන්ද එක මට දරා ගන්න පුලුවන්..ඒත් අපි නිතර ආ ගිය ගාර්ඩ්න් එකේ වෙඩින් ෆොටෝ ෂූට් එක කළා කීවම දරා ගන්න පුලුවන් ද ...?
-ඒ ඔහුය.
පිපි මල් සේම හිනැහුණ නුඹෙ මුව මඬළ
අපෙ මල් හීන පිරි පේරාදෙණි උයන
මතකය වීසි කොට තැලි පිලි සලු මතින
කොහොමද සොඳුර නුඹ ගියෙ මංගල ගමන
පඬුරු දමා ගැටඹට අපි උන බාර
පරමල් වැටී අසපුව ගිනි ගති රෑක
ආ ගිය ගමන් දත් සෙංකඩගල පාර
දන්නා තිබුණි නොහඳුනනා බව නුඹව
නුවරුන් යනෙන රජ වීදියෙ කෙළවරක
එල්ලා තිබුණි අපෙ ආදර මල් වඩම
දෑසින් ලෙහුණ කඳුලැලි ලුණු රස ඉහින
ඇහුණ ද සොඳුර හඬනා හඬ මහවැලිය
රොබරෝසියා පෙති විසුරුණ මල් යායේ
බොල් පිනි අසයි බඹරිඳු හැරගිය තාලේ
මල් පෙති සේම සුසිනිඳු නැති බව ආලේ
කලුගල් උනත් දන්නව ඇති මේ කාලේ
අනූපමා ගනේගොඩ



