Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අන්තර්ජාල මාධ්‍ය මර්දනයට ආණ්ඩුව බද්දක් පනවයි - පුවතක්

හපා කන්නේ නැති වුවත්
බුර බුරා උඩ පනින බල්ලන්
බුරද්දී දඟලද්දි උන්
අවදිවෙන්නට
පුළුවනිය ගෙහිමියන්
...
මස් කටුද සොසේජස් ද
ලේ හැලෙන අමු මස්ද
බොහෝ කෑදර උන්ට
තරුණ කෝමල බැල්ලියන් ද

ඇමට දී පරක්කර
දමා හම්පටි ද දම්වැල් ද
පුරුදු කර ලොවන්නට
අත පයද ඈඟිලි ද
කීකරුව සුවචව
තබා ගත යුත්තෙ ඒකය

එහෙ මෙහේ අන්තර් ජාලයේ
වෙබ් සයිට් වල බ්ලොග් වල
හල හලා සුළුදිය ගස් ගල් මුල
දුව පනින බල්ලෝ තවමක් බුරති
උඩු බුරුලති හඳ පායන වෙලාවට

මේ ඔළුව කැක්කුමට
පැනඩෝල් පෙත්තක්
ඔටුනු දරණ ඔළුවලට
සැනසිල්ලේ කොට්ටයට
ඔළුව ගහලා ගොරවලා නිදන්නට
ගෙනැවිත් තිබේ දැන්
අළුත්ම බලු බද්දක්

ඒත් ඕකත් පරණයි
ටොරිංටන් නමැති සුද්දෙක්
කාලෙකට ඉස්සර
පස්ස කස කස
ලියපු පොතකින් පිටුවක්

ලක්ෂයකි බුරන්නට
පනස් දාහකි අවුරුදු කාසි
කටේ කටකලියාව නොවැටී
හුස්ම ගන්නට කන්න බොන්නට
කෑවොත් බිව්වොත් නිදහසේ
මළපහත් පහ කරන්නට

ගං ගොඩේ වල්සේෂන්
බල්ලන්ට නම් මේවා මැජික්
ආසියන්තරාවෙන් උඩින්
පියාඹන කුක්කන්ට නම්
ගණන් නැත
බලු බෙට්ටක් තරම්වත්

නොගෙවා බලු බද්ද
උඩු බුරන කොඳුරන බල්ලන්ව අල්ලන
සුදු පාට නිල් පාට බලුවෑන් පදවන
බලුදාසලාටත් එක්කයි කියන්නේ
විද ගෙන වරෙව් කලින්ම
බුරි හිල් වටේටම ඉන්-ජැක්සන්
බොහෝමයක් බල්ලොන්ට
හැදිලාය ජල භීතිකාව
ඉතුරු උන්ටත් පිස්සු දැනටම
කාලට බාගෙට අරික්කාලට...!

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails