
චිලී රාජ්‍යයෙන් බිහි වූ ලොව ප්‍රථම සමාජවාදී ජනාධිපතිවරයා ලෙස සැල්වදෝර් අයියන්දේ බලයට පත් වීම, සී.අයි.ඒ. සංවිධානයේ මෙහෙයවීම යටතේ ජෙනරාල් පිනෝචේ විසින් අයියන්දේ ආණ්ඩුව බිඳ දැමීම ආදී සිදුවීම්වලට සමගාමීව ප්‍රකට කොමියුනිස්ට්වාදී කවියෙකු වූ පැබ්ලෝ නෙරූදාගේ මිතුරෙකු වටා ගෙතුණු Antonio Skarmata ගේ El Cartero de Neruda ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය, ලියනගේ අමරකීර්ති විසින් පරිවර්තනය කර “නෙරූදාගේ ලියුම්කාරයා” නමින් සාහිත්‍යකාමීන් වෙත හඳුන්වාදීමේ උත්සවය සැප්තැම්බර් 06 දින පස්වරු 2.15 ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්රකාශනයකි.
එහිදී ‘ලතින් ඇමරිකානු ජීවිතය සමග අපේ ජීවිතය අතර සමානත්වය හා සාහිත්‍යයන් අතර අසමානත්වය’ යන මැයෙන් පියල් කාරියවසම් විසින් හා ‘අශුභවාදයක ගනඳුර මැද විමුක්තියේ ශුභාරංචිය හා ආදරය නම් වූ විප්ලවය‘ යන මැයෙන් විදර්ශන කන්නන්ගර විසින් ද ප්‍රධාන අදහස් දැක්වීම් ඉදිරිපත් කෙරෙනු ඇත. එමෙන්ම Antonio Skarmata ගේ ඉහත මුල් කෘතිය පාදකව කොට ගෙන Michael Radford විසින් අධ්‍යක්ෂණය කරන ලද Il Postino (The Postman) සිනමා කෘතිය ඉංග්‍රීසි උපශීර්ෂ සහිතව එදින පස්වරු 2.15 ට ප්‍රදර්ශනය කෙරේ.
සංවිධානය- මංසල කතිකා කවය
විමසීම්- 0718 107396

සූකිරි ඔත්තු | "නෙරූදාගේ ලියුම්කාරයා" දොරට වැඩීම| සැප්තැම්බර් 06| 2.15 ට
Posted by
BoondiOnLine
8.31.2012



